IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කටුනායක ගුවන්තොට අගෝස්තු මුල විවෘත නොවෙයි

 

(අජන්ත කුමාර අගලකඩ)  

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශීය සංචාරකයන්ට ලබන අගෝස්තු මස 1 වැනිදා සිට යළි විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබුණ ද එය තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  

මෙරටට ඒමට සූදානමින් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් ලබන අගෝස්තු 1 වැනිදා වනවිට ගෙන්වා අවසන් කිරීමට නොහැකි වීම නිසා ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කිරීම මෙසේ කල්යනු ඇතැයි වාර්තා වේ.  


විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී කටුනායක ගුවන්තොටු පොළේදීම පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කෙරෙන බැවින් දැනට තිබෙන පහසුකම් අනුව දිනකට මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් යානා තුනක් පමණක් බව සංචාරක ගුවන් සේවා හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


විදේශගත ශ්‍රී ලාංකිකයන් 52,401 දෙනකු පමණ මෙරටට ඒමට සූදානමින් සිටින බවත් දැනටමත් ගෙන්වා ගෙන ඇත්තේ 12,000 ක පමණ පිරිසක් බවත් ඔහු සඳහන් කළේය.  
මේ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තාක්ෂණික කමිටුවක් පත්කරනු ලැබ ඇතැයි වාර්තාවේ.  


සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් හා ශ්‍රීලංකන් ගුවන් සමාගම, ගුවන් තොටුපළ අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක මණ්ඩලය යන ආයතනවල නිලධාරීන් ද එම කමිටුවට ඇතුළත්ව සිටින බව දැනගන්නට ඇත.

  
තාක්ෂණික කමිටුව එම වාර්තාව සකස් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එය ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය. 

 



අදහස් (1)

කටුනායක ගුවන්තොට අගෝස්තු මුල විවෘත නොවෙයි

DD Tuesday, 30 June 2020 08:43 PM

නුසුදුසු දත්ත විශ්ලේෂණය සහ පුරෝකථනය කිරීම මෙම තත්වයට හේතු වන්නට ඇත. කෙසේ වෙතත්, විශ්ලේෂණයට දොස් පැවරිය නොහැක්කේ කොවිඩ්ට මෙම අවස්ථාවෙහිදී අනාවැකි කිව නොහැකි බැවිනි. මෙම අවස්ථාවෙහිදී ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාව දේශ සීමාව විවෘත කරන තෙක් බලා සිටින බොහෝ දෙනෙක් සිටිති ..

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site