(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අද (29) හෝ හෙට (30) දිනයේ සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරය නිමකර අද (29) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත අතර ඉන්පසු මෙම සාකච්ඡාව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
මෙම සාකච්ඡා සඳහා පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයින්ට ආරාධනා කර ඇතැයි ද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය මේ මස 31 වෙනිදායින් අවසන් වෙන අතර ඒ අනුව මෙම නව බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd