සසුනට අරුණ වැඩසටහන යටතේ ඉදිකරන ලද ලුණුගම්වෙහෙර කුඩාගම්මාන 05 පුෂ්පාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
මහෝපාද්‍යාය හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මහා මහෝපාධ්‍යාය ධර්මපාල වංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රාචීන කීර්ති ශ්‍රී සාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවංස අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එහිදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ශාසනයට සිදුකරන ලද සේවාව අගයමින් අමරපුර නිකාය මගින් ගෞරව නාමයක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව උන්වහන්සේ මෙහිදී සඳහන් කරන ලදී.
එම අවස්ථාවට අමරපුර නිකායේ මහාසංඝ සභාවේ මහා ලේඛකාධිකාරි රැසියාවේ ප්‍රධාන සංඝනායක අමරපුර වජිරවංශ පාර්ශ්වයේ අනුනායක කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි රුසියානු භාෂාව පිළිබඳ විශ්‍රාමික කථිකාචාර්ය ලෝක බෞද්ධ සංසදයේ ගරු සභාපති ආසියානු බෞද්ධ සාම මණ්ඩලයේ ලංකා ශාඛාවේ මහාලේකම් විශ්ව සාහිත්‍ය භාෂා විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරවංශ ලංකාර සද්ධර්ම සද්ධාර්මාභී වෘද්ධිජ මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද එක්වූහ. මෙහි ඉදිකරන ලද එම චෛත්‍ය ඇමැතිතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකරන ලද 05 වැනි චෛත්‍යරාජයාණන් වීමද විශේෂත්වයකි.
2025 දෙසැම්බර් මස 04
563
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමැති සජිත්ට අමරපුර නිකායෙන් ගෞරව නාමයක්