(මහින්ද නිශ්ශංක)
පළාත් පාලන ආයතන 341න් ඉතිරි ආයතන 248 මැතිවරණ පැවැත්වීමට අදාළ නාමයෝජනා බාර ගැනීම හෙට (18) සිට ලබන 21දා දහවල් 12.00 දක්වා සිදුකරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එච්. මොහොමඩ් මහතා පැවැසීය.
මෙම ඡන්ද විමසීම් සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් ලබන 20දා දහවල් 12ට පෙර ඇපමුදල් තැන්පත් කළ යුතු බවද අතිරේක කොමසාරිස් මොහොමඩ් මහතා කීය.
මෙම පළාත් පාලන ආයතන 248ට මහ නගර සභා 17ක් නගර සභා 23ක් සහ ප්‍රාදේශීය සභා 208ක් ඇතුළත් වේ.
මේ අතර නාමයෝජනා බාරගැනීම අවසන් වූ පළාත් පාලන ආයතන 93 සහ නාමයෝජනා බාර ගැනීමට නියමිත ආයතන 248 ඡන්ද විමසීමේ දී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීම ලබන 22 දා දක්වා සිදු කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයතන 248 කට නාම යෝජනා හෙට සිට