IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම යළිත්

(අජන්ත කුමාර අගලකඩ)  

මාස කිහිපයක් තිස්සේ නතර වී තිබූ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සතියකට හෝ සති දෙකකට වරක් විජේරාම මාවතේ අගමැති නිල නිවසේ දී යළි පැවැත්වීමට ආණ්ඩුවේ බලධාරීන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන කාරණා සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සතියකට හෝ සති දෙකකට වරක් පවත්වන ලෙස පක්ෂ නායකයන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.  


පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් ආණ්ඩුව පිහිටුවීමට පෙර සහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේ මාස කිහිපයක් පැවැත්වූ නමුත් පක්ෂ නායකයන්ගේ කාර්ය බහුලතාව හා කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයේම එය නොපැවැත්විණි.  


ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සුපුරුදු පරිදි සතිපතා නොපැවැත්වෙන නිසා අභ්‍යන්තර කාරණ සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැති බවට ආණ්ඩුවේ පක්ෂ නායකයන් කිහිප දෙනකුට ආණ්ඩුවේ බලධාරීන්ට දන්වා අැතැයි වාර්තා වේ.  


මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පක්ෂ නායකයන්ගේ රැස්වීම සතියකට හෝ දෙකකට වරක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේ දී නැවත පැවැත්වීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග කියයි.  



අදහස් (0)

ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම යළිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site