(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාවට අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ගෙවීම සඳහා රුපියල් කෝටි 1600 ක පමණ මුදලක් වැයකර ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපූරණය කිරීමේ පදනම මත ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් මෙම මුදල ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
එම මුදල් සමෘද්ධි බැංකු හරහා ගෙවා ඇති අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව පවුල් ලක්ෂ තිස්දෙකකට ගෙවා ඇතැයි ද මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට වාර්තාවක් මගින් දැනුම් දී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.