IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලුත් ඇමැතිවරුන්ගෙන් ආයතන රැසක් ගලවයි

(අජන්ත කුමාර අගලකඩ)  
අලුතින් දිවුරුම් දුන් කැබිනට් ඇමැතිවරුන් 18 දෙනාගේ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයයන් ගැසට් කිරීමේදී වෙනස්කම් රැසක් සිදුකෙරෙනු ඇතැයි වාර්තා වේ. 


ඉකුත් කාලයේ අධ්‍යාපන අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශ යටතට පවරා තිබූ සංස්කෘතික අමාත්‍යංශ විෂය පථයට අයත් ආයතන හා විෂයයන් සියල්ල උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.  

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින වී අලෙවි මණ්ඩලය සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතේ පවතින ජාතික චිත්‍රපට සංස්ථාව එම අමාත්‍යාංශ​ වලින් ඉවත් කිරීමට ද බොහෝදුරට ඉඩ ඇතැයි පැවැසේ.  


ඒ අනුව වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යංශය යටතටත් ජාතික චිත්‍රපට සංස්ථාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතටත් පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.  


සමෘද්ධි කටයුතු දෙපාර්තමේන්තුව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතට පත් කිරීමට ද නියමිතය.  


නව ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සතියේදී නිකුත් කිරීමට නියමිතව ඇත.  


අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් ඇමැතිවරුන් 18 දෙනකු ඉකුත් අඟහරුවාදා (01) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර රාජ්‍ය ඇමැතිවරු 8 දෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ ඉකුත් බදාදා (02) දිවුරුම් දුන්හ.  


අමාත්‍යාංශවලට අයත් ආයතන හා විෂය පථයන් ගැසට් කිරීම විද්‍යාත්මක පදනමකින් සිදුකරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.  

 



අදහස් (0)

අලුත් ඇමැතිවරුන්ගෙන් ආයතන රැසක් ගලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site