(දයාසීලි ලියනගේ)
පෞද්ගලික අංශයේ සේවය කර විශ්‍රාම ලබන සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීම සඳහා On-line ක්‍රමය යටතේ අයදුම්පත් ලබාදීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මාර්තු 13 වැනි දින සිට මේ දක්වා ඉදිරිපත්ව ඇති අයදුම්පත් 3000ක පමණ ප්‍රමාණයක් ගෙවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
අරමුදල් ගෙවීම සඳහා මහ බැංකුවට සනාථ කර ගැනීමේ කටයුතුවලදී දැන් ක්‍රියාත්මක වෙන ඇඳිරි නීතිය නිසා පුද්ගලයන් සනාථ කර ගැනීමේ ගැටලුවක් පවතින අතර, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.
මෙම අරමුදල් ගෙවීමට පෙර පුද්ගලයා හඳුනා ගැනීම අනිවාර්ය නිසා එසේ නොමැතිව ගෙවීම් කිරීමට නොහැකි වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.