IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අපේ ඇඟලු‍ම් කර්මාන්තය තව වසර පහක් තුළ මුළුමනින්ම අහිමිවීමේ අවදානමක්

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන   

(උපුල් වික්‍රමසිංහ)   

වසර 2025 පමණ වනවිට ශ්‍රී ලංකාවට ඇඟලු‍ම් කර්මාන්තය මුළුමනින්ම අහිමිවීමේ අනතුරක් නිර්මාණය වී තිබෙන බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි. ඉරිදා ලංකාදීපය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. 

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමට පෙර පටන්ම මෙරට ඇඟලු‍ම් කර්මාන්තය දැඩි අසීරුතා රැසක් මධ්‍යයේ ක්‍රියාත්මක වූ බව පවසන ඒ මහතා වෛරසයේ බලපෑමත් සමග එම අසීරුතා වඩාත් තීව්‍ර වී මේ ආකාරයේ අනතුරක් නිර්මාණය විය හැකි බව පෙන්වා දෙයි.   


පසුගිය කාලයේදී ඇඟලු‍ම් කර්මාන්තශාලා සේවක වැටුප් ඉහළ ගොස් ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව වැනි රටවලින් අඩු වැටුප් සහිත ශ්‍රමය ලබාගත නොහැකි නිසා මෙරටේ පැවති බොහෝමයක් ඇඟලු‍ම් කර්මාන්තශාලා අඩු වැටුප් සහිත ශ්‍රමය ලබාගත හැකි බංග්ලාදේශය, වියට්නාමය හා අප්‍රිකානු කලාපයේ රටවලට ගෙනයෑමට ආයෝජකයන් මේ වන විටත් කටයුතු කර ඇති නිසාත් අමෙරිකාව හා ඇතැම් යුරෝපා රටවල් සිය රටවල්වල මෙන්ම ආසන්නයේ පිහිටි රටවල ද ඉහළ වැටුප් සහිත මිනිස් ශ්‍රමය වෙනුවට ස්වයංක්‍රීය රොබෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන ඇඟලු‍ම් කර්මාන්තශාලා ඉදිකිරීමට පියවර ගෙන තිබීම නිසාත් මෙවැනි අවදානමක් නිර්මාණය වී ඇති බව ඒ මහතා තොරතුරු හෙළිකරයි.   


මේ අනතුරට මුහුණ දීම සඳහා ඇඟලු‍ම් කර්මාන්තයෙන් මිදී තොරතුරු හා සන්නිවේදන උසස් තාක්ෂණය මත පදනම්වන අපනයන කරා මාරුවීම අතිශය වැදගත් බවත් ආර්ථිකයේ දරුණු පසුබෑමක් ඇතිව තිබෙන මෙවැනි තත්ත්වයක් ඒ ආකාරයේ ප්‍රතිපත්තිමය නැඹුරුවක් සඳහා හොඳ අවස්ථාවක් කරගත හැකි බවත් විජේවර්ධන මහතා පවසයි.   

 



අදහස් (0)

අපේ ඇඟලු‍ම් කර්මාන්තය තව වසර පහක් තුළ මුළුමනින්ම අහිමිවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site