IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


අන්තර්ජාලයෙන් හමුවූ මිතුරන්ගේ ජා-ඇල මත්පෙති පාටිය

 

අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස හය තුළ පමණක් පැමිණිලි 1600ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පසුගිය දා ප්‍රකාශ කළේය. එසේම ඇබ්බැහි විය හැකි ආකාරයේ මත්ද්‍රව්‍ය 648ක් රට තුළ ඇති බවට හෙළිවී ඇතැයි ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය සඳහන් කරයි.   


අන්තර්ජාලය හා මත්ද්‍රව්‍ය මහා පොදු සාධකය බවට පත්වූ තරුණ තරුණියන් 1000කට වැඩි පිරිසක් සහභාගි වූ “සාදයක්” පසුගිය 16 ඉරුදින ජා-ඇල පොලිස් වසමට අයත් උදම්මිට ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී පැවැත්විණි. මෙම සාදය අවසන් වූයේ මුළු ප්‍රදේශයම යුද ගැටුමක තත්ත්වයකට පත්වෙමිනි.  


අන්තර්ජාලය හරහා මුහුණු පොතින් හඳුනාගත් යහළු යෙහෙළියන්ගේ සාදයක් වූ මෙය දින දෙකක දී පැවැත්වණි. 15 වැනි සෙනසුරාදා ජා-ඇල පමුණුගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී රාත්‍රි කාලයේ දී මෙහි මුල් කොටස ක්‍රියාත්මක විය. එහි සිටි දහසකට වැඩි ප්‍රමාණයක් තරුණ තරුණියන් අතරින් වැඩි ප්‍රමාණය පිරිමින් වූහ.   


බොහෝ විට එක් තරුණියක් සමඟ පැමිණි තරුණයින් දෙදෙනෙක් හෝ තිදෙනකු සිටියහ. වයස අවුරුදු 20-22 අතර තරුණියන් මෙන්ම අවුරුදු 35-40ත් අතර පිරිමින්ද මේ පිරිස අතර වූහ. මින් සුළුතරයක් ඈත ප්‍රදේශවලින් පැමිණ සිටි අතර බහුතරය නාගරික ප්‍රදේශවල පදිංචිකරුවන් වූහ.  


පැමිණ සිටි වැඩිදෙනා මහරගම, හෝමාගම, පිළියන්දල, වත්තල, කඩුවෙල, නුගේගොඩ වැනි කොළඹට තදාසන්න ප්‍රදේශවල ධනවත් පවුල්වල දරුවෝ වූහ.  


15 දින රාත්‍රියේ සිට අලුයම් කාලය දක්වා පමුණුගම ප්‍රදේශයේ හෝටලයේ මත්පැන් පානය කරමින් මත්පෙති භාවිත කරමින් ඩී.​ෙජ්. සංගීතයට අනුව තාලයට නටමින් රිසිසේ විනෝද වූ තරුණ තරුණියන් පමුණුගම හෝටලයේම කාමර වෙන්කරගෙන පැයක් දෙකක් නින්දට වැටී පසුදින (16) උදෑසන 6-7 වනවිට උදම්මිට ප්‍රදේශයේ සංචාරක හෝටලයට පැමිණියේ එදින පැවැත්වෙන දහවල් සාදයට සහභාගි වීමටය.  


මෙම සංචාරක හෝටලයේ රථගාල පිහිටා ඇත්තේ හෝටල් භූමියට පිටිනි. ඉතා කුඩා රථගාලක් වූ එහි නවතා තැබිය හැක්කේ සීමිත රථ ගණනක් නිසා උදෑසනින්ම පැමිණි තරුණ තරුණියන් තමන් පැමිණි මෝටර් රථ හෝටලය අවට පිහිටි අතුරු මාර්ගවල ද නවතා තිබෙනු දැකිය හැකි විය. හෝටලය අවට විශාල වාහන සංඛ්‍යාවක් නවතා තැබීමට අමතරව ඉන් බැසයන නා නා ප්‍රකාර තරුණ තරුණියන් පිළිබඳව කාගේත් අවධානය යොමුවිය. විශේෂයෙන්ම අඩ නිරුවත් ලෙස ඇඳුම් හැඳ සිටි තරුණියන් තුරුළුකොට ගෙන තරුණයින් හෝටලයට යන ආකාරයත්, අතුරු මාර්ගවල නවතා ඇති වාහන තුළ තරුණ තරුණියන් අශෝභන ලෙස හැසිරෙන ආකාරයක් බොහෝ දෙනා බලා සිටියේ පිළිකුලෙන් යුතුවය.  

 


උදේ 8 පමණ වෙන විට හෝටලය අවට මාර්ගවල මෝටර් රථ සියයකට අධික ගණනක් තැනින් තැන නවතා තිබෙනු දැකගත හැකි වූ අතර හෝටලය අවට පිහිටි ගම්මාන වූ රජවත්ත, ස්ප්‍රින් පාර්ක් හා හෙරිටේජ් පාර්ක් යන ප්‍රදේශවල ජනතාව මේ සිදුවීම නිසා අසීරුතාවට පත්වූයේ ඉරිදා දිනයක් වූ නිසා තම දරුවන් ද නිවෙස්වල රැඳී සිටින නිසාය.  


ඉහත කී ගම් තුනේ පමණක් නිවාස දහසකට (1000) වැඩි ප්‍රමාණයක් ඇති අතර ක්‍රම ක්‍රමයෙන් මේ ආරංචිය එම නිවෙස්වලට ගොස් ඔවුන්ගේ විරෝධය මෙම සිද්ධියට එල්ල වෙන්නට පටන් ගත්තේය. මෙම හෝටලයට මීටර් 100ක් පමණ දුරින් බෞද්ධ ආරාමයක්ද පිහිටා ඇති අතර ආරාමය ආසන්නයේ පිහිටි මෙම හෝටලය තුළ කාමර කුලියට දීම හා තැබෑරුමක් පිහිටා තිබීම ද කලක පටන් ජනතාවගේ විරෝධයක්ද මේ හෝටලයට එල්ල වී තිබුණි.  


වාහනවලින් පැමිණි තරුණ තරුණියන් හා පොදු ප්‍රවාහන සේවාවලින් පැමිණි පිරිස් ද හෝටලය වෙත පැමිණි අතර පෙ.ව. 9.00ට පමණ සාදය ආරම්භ විය. දසත ගිගුම් දෙන ඩී.ජේ. සංගීතයට අනුව නටමින් හෝටලයේ ඇති තැබෑරුමෙන් හොඳ වර්ගයේ විදේශීය මත්පැන් බොමින් වෙනම සකස්කර තිබූ කෑම කමින් පිරිස රිසිසේ සතුටු වූහ.   


හෝටලය තුළ සාදය ජයටම යද්දී හෝටලයෙන් පිටතට එකතු වූ පිරිස එන්න එන්නම වැඩි වන්නට පටන් ගත්තේය. ඒ අතරතුර හෝටලය තුළින් පිටතට පැමිණි සමහර තරුණ තරුණියන් පිටත නවතා තිබූ තම වාහනවලට ගොස් යම් යම් දේ රැගෙන හෝටලයට යාමට ඒමට පටන් ගත්හ. හෝටලය අවට රැස්ව සිටි පිරිසට මේ සිදුවීම් ඇසේ ඉඳිකටු ඇනෙන්නාක් මෙන් විය. ඔවුන් ප්‍රසිද්ධියේ තරුණ තරුණියන්ට බැණ වැදුනහ. සමහරෙක් ඔවුන්ට පහරදීමට සූදානම් වූහ.  


හෝටලය තුළ අශෝභන රංගන හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම් සිදුවන බවට ප්‍රදේශවාසීන් පොලිසියට දුරකථන ඇමතුම් ලබා දුන්හ. ජා-ඇල පොලිසියට මෙන්ම සීදුව පොලිසියට ද මෙම පැමිණිලි ලැබිණි. පොලිසිය ගොස් හෝටලයට ඇතුල්වී පිරිස පරීක්ෂා කළහ. සැක කටයුතු කිසිදු දෙයක් එහි නොවූ බැවින් දිගටම සාදය පැවැත්වීමට පොලිසිය අවසර දුන්නේය.  


“හෝටලය තුළ සිදුවන උත්සවයකට බාධා කරන්න අපිට බෑ. හෝටලයේ තිබෙන තැබෑරුමට අවසර තියෙනවා. පිටතට පැමිණ යම් නීති විරෝධී දෙයක් සිදු කළහොත් අපි ක්‍රියා කරනවා.” යැයි පොලිසිය ප්‍රදේශවාසීන්ට දැනුම් දුන්හ. 


පොලිසිය පැමිණ පරීක්ෂා කරන අවස්ථාවේ පමණක් සාදය මඳකට නතරවූ අතර යළිත් සාදය ආරම්භ විය. එහෙත් ජනතා විරෝධය තව තවත් මෝරමින් හෝටලය අවට ගින්නක් මෙන් පැතිරෙන්නට විය. පොලිසියට දැනුම් දීමෙන් හෝ ඵලක් නොවන බව සිතූ පිරිස හෝටලය වටලා දැඩි විරෝධයක් ඊට එල්ල කළහ.  


ජනතා විරෝධය එන්නම වැඩි වෙන බව දැනගත් පොලිසිය දිගටම එම ස්ථානයේ රැඳී සිටියහ. දහවල් 12.30 පමණ වනවිට තත්ත්වය දරුණු වූයෙන් පොලිසියම හෝටලයට ගොස් ඇතිවී ඇති තත්ත්වය හෝටල් කළමනාකාරීත්වය  හා එහි සිටි තරුණ තරුණියන් දැනුවත් කරමින් හෝටලයෙන් පිටත උද්ගතවී ඇති තත්ත්වය විස්තර කර වහාම සාදය අත්හිටුවන ලෙස පිරිසට දැනුම් දුන්හ. ඒ වනවිටත් හොඳ හැටි මත්වී සිටි බොහෝ දෙනාට පොලිසියේ එම අනතුරු හැඟවීම තේරුම් ගන්නට නොහැකිව සිටියහ.  


හෝටලයේ තැනින් තැන මත්වී වැටී සිටි තරුණයින් කිහිප දෙනෙකු ද සිටි අතර ඔවුන්ගේ සගයින් ඔවුන් වත්තම් කරගෙන යනු දක්නට ලැබිණි. හැකි ඉක්මණින් හෝටලයෙන් පිටව යන ලෙස ද පිරිසට පොලිසිය විසින් දැනුම් දුන්නේය.  


වහාම හෝටලයෙන් පිටතට යමින් සිටි තරුණ තරුණියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දරුණු වාග් ප්‍රහාර එල්ල වූ අතර එය පසුව පහර දීමක් දක්වා දුරදිග ගියේය. සමහර කාන්තාවෝ තම අත තිබූ කොසු, ඉදල් හා පොලුවලින් තරුණ තරුණියන්ට පහර දුන්හ. තරුණ තරුණියන් දුවන විට ඔවුන්ට එළව එළවා පහර දුන්හ. බොහෝ දෙනා තම වාහනය වෙත නොදුවා හිස් ලූ ලූ අත දිවූහ. මගරැක සිටි පිරිස් ඔවුන්ට යළි පහර දුන්හ.   

 


මෙසේ දිවයමින් සිටි තරුණියන් දෙදෙනකු සීදුව දෙසට යමින් සිටි ත්‍රිරෝද රථයකට නංවාගෙන කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ලිංගික අතවර සිදු කිරීමට ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු තැත් කරද්දී තරුණියන්ගේ කෑ ගැසීම නිසා කිසිවකු හෝ ලබාදුන් දුරකථන පණිවිඩයකට පැමිණි පොලිසිය තරුණියන් දෙදෙනා බේරා නොගන්නට තවත් අපරාධයක් වීමට ඉඩ තිබිණි.  


මෙසේ දිවයන තරුණයන් මෙන්ම තරුණියන්ද අඩ නිරුවත්ව හැඳ සිටීම නිසා ඔවුන්ගේ ශරීරවල කොටා තිබූ ‘පච්චා’ හොඳින් පෙණිනි. තරුණියන් බොහෝ දෙනෙකුගේද තම සිරුරේ පච්ච කොටා තිබිණි.   


මේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය තරුණ ගායකයකු ද සිටි අතර ඔහුද සිටියේ තරුණියන් හතර දෙනෙකු පිරිවරාගෙනය. තවත් ජනප්‍රිය තරුණ ගායික ගායිකාවන් ද සාදයට එක්ව සිටියහ. ඔවුන් ද හොර පාරෙන් ගොස් තම ජීවිත ආරක්ෂා කර ගැනීමට සමත් වූහ.  
මෙම ප්‍රහාරවලින් තරුණ තරුණියන් විශාල පිරිසක් තුවාල ලද අතර ඔවුන් පැමිණ තිබූ වාහන කීපයකට ද හානි සිදුව තිබූ නමුත් ඒ පිළිබඳව කිසිවෙකුත් පොලිසිවලට පැමිණිලි නොකිරීම විශේෂත්වයකි.   


මෙම සාදයට පැමිණ සිටි තරුණ තරුණියන් බොහෝ දෙනා ධනවත් පවුල්වලට අයත් දරුවන් වන අතර සාදය වෙනුවෙන් ඔවුන් අධික මුදලක් වැයකර ඇති බව ද පොලිසිය කියයි. තම දරුවන් පිළිබඳව දෙමාපියන්ගේ සොයා බැලීම හා මැදිහත්වීම කෙතරම් අවම මට්ටමක පවතිනවාදැයි මේ සිද්ධිය කදිම නිදසුනකි.   

 

දොම්පේ-අජිත් මදුරප්පෙරුම 

 



අදහස් (0)

අන්තර්ජාලයෙන් හමුවූ මිතුරන්ගේ ජා-ඇල මත්පෙති පාටිය

ඔබේ අදහස් එවන්න

 

පුවත්

බටලන්ද නිර්දේශ ක්‍රියාත්මක කිරිමට රජයෙන් කමිටුවක් බටලන්ද ගැන 16 දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
2025 මාර්තු මස 17 46 0

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී වධකාගාර පවත්වාගෙන යමින් තරුණ තරුණියන් රැසකට හිංසා පැමිණ වූ බව පැවසෙන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ බටලන්ද


බටලන්ද ඝාතන අසා කථානායක හැඟුම්බර වෙයි
2025 මාර්තු මස 17 28 0

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බො


හිටපු ආණ්ඩුකාරවරයෙක් ඌවේ රක්ෂිතයක් ඩෝසර් කරලා ඇමති ව්‍යාපෘතිය නවත්වයි
2025 මාර්තු මස 17 19 0

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති ව


පාරවල් නැතත් පාලම් හදලා අමාත්‍යාංශයෙන් විමර්ශනයක්
2025 මාර්තු මස 17 32 0

පසුගිය කාලයේදී පාරවල් නොමැති ස්ථාන රැසක පාලම් සාදා විශාල මුදලක් නාස්ති කර ඇතැයි ප්‍රවාහන මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට තොරතුරු ලැ


අන්තර්ජාල කසිනොව රජයට බදු ගෙවීම පැහැර හැරලා බදු අය කරන්න: මුදල් කාරක සභාවෙන් නියෝගයක්
2025 මාර්තු මස 17 30 0

අන්තර්ජාලය හරහා කැසිනෝ සූදු පවත්වාගෙන යන පුද්ගලයන් රජයට බදු ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.


වසර 5ට වැඩි නම් නිල නිවාස වලින් යන්න වැ. බ. පොලිස්පති නිලධාරීන්ට දන්වයි
2025 මාර්තු මස 17 60 0

වසර 5 ක කාලයක් ඉක්මවා ඇති පොලිස් පොදු සේවා නිල නිවාසවල පදිංචි නිලධාරීන්ට ඉන් ඉවත්වීම සඳහා මාස 6 ක සහන කාලයක් ලබා දී ඇති බවට වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරස


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 25 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 485 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1089 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site