(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක් ලබන බදාදා (10) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වෙන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද පසුගියදා වෙන වෙනම හමුවී සාකච්ඡා පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd