(දයාසීලි ලියනගේ)
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිසා ප්‍රධාන දේශපාලන පක්‍ෂ කීපයක අභ්‍යන්තර ගැටුම් හා
මතභේද ඇතිවී තිබෙන බව වාර්තා වේ.
විශේෂයෙන් ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයක ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙක් මෙම තේරීම් කාරක සභාවට විරෝධය දක්වා පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් මෙහෙයවා ඇති බවට සඳහන් වේ. මීට අමතරව ජනාධිපතිවරයා විදේශ ගතවීමට පෙර නිතර නිතර හමුවී සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත.
පෞද්ගලික කරුණු මූලික කර ගනිමින් මොවුන් තිදෙනා ජනාධිපතිවරයාට පක්ෂපාතීව ක්‍රියා කරන බවද දැනගන්නට ඇත. ප්‍රධාන පෙළේ තවත් පක්‍ෂයක මන්ත්‍රීවරු පිරිසක් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට රජය ක්‍රියා නොකළ ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුය යන මතයේ සිටින අතර එම පක්‍ෂයේ තවත් පිරිසක් බුද්ධි අංශ නිලධාරින් මෙම කමිටුව හමුවට කැඳවීම නොකළ යුතු බව ප්‍රකාශ කර සිටින බවද කියයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විශේෂ තේරීම් කාරක සභාවට පක්‍ෂ කීපයකම මතභේද