IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බඩ වැඩි අයට ක්‍රිකට් ගහන්න බැරිද ?

මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බඩ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග සමග කළ සාකච්ඡාවකි.  

 

 

  •   මේ දවස්වල රටේ කතාබහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ‘‘ෆිට්නස්’’ ගැන...  
මම දැන් ඉන්නේ ක්‍රිකට් ගහලත් නැති බැට් එකක් බෝලයක් ගැන දන්නෙත් නැති ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතා ගැන දන්නෙත් නැති කෙනෙක් විදියට. අපේම යහපාලන ආණ්ඩු ක්‍රිකට් ගැන ​නොදන්න අය ක්‍රිකට් ආයතනයට දාලා අද ක්‍රිකට් විනාශවෙලා තියෙනවා. අපි මේ ටික කලින්ම කිව්වා. අයි.පී.එල්. එක ගැන මම කිව්වෙ 2008 දී. ක්‍රිකට්වලට මේ අත්වෙලා තියෙන ඉරණම ගැන මම කිව්වෙ මීට ගොඩක් කාලෙකට කලින්. තාම අපේ ක්‍රිකට් වැටිලා ඉවර නෑ. තව වැටෙනවා. ඒක නවත්තන්නත් බෑ. ඒකට මේ ආණ්ඩුව වගකියන්න ඕනෑ.  
 
මම දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙලා ඉන්නේ. මේ ආණ්ඩුව හොඳයි කියලා හිතපු අයට ක්‍රිකට් බාරදුන්නු නිසා. ඒ අයට ක්‍රිකට් කරගෙන යන්න දීලා මම බලාගෙන ඉන්නවා. මම තීරණය කරලා තිබුණෙ ක්‍රිකට් ගැන කතා නොකරම ඉන්න. රට ඉස්සරහට තියලා, ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන තැනකට මේක ගේන්න ඕනෑ. එහෙම නැතුව මේ අගාධයට යන එක නවත්තන්න බෑ. ගාමිණී ලොකුගේ ක්‍රීඩා ඇමතිවරයා විදියට ඉඳපු කාලේ ගත්තු තීරණවල ප්‍රතිවිපාක අද අපි විඳිනවා. මේ කඩාවැටීම තාම ඉවර නෑ.  
 
 
  •   දැන් ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බඩ. 96 ලෝක කුසාලනය දිනන කොට අර්ජුනටත් ​ලොකු බඩක් තිබුණනේ...  
ක්‍රීඩකයින්ගේ ‘ෆිට්නස්’ තියෙන්න ඕනෑ. ඒ ඒ ක්‍රීඩාවට අනුව. පිට්ටනියේ රවුම් විස්සක් දුවන්න පුළුවන් කෙනෙකුට ඕවර් පහක් ද‌ාන්න බැරිවෙන්න පුළුවන්. තව ක්‍රීඩකයො ඉන්නවා රවුම් පහක් දුවාගන්න බෑ. ඒත් ඕවර් විස්සක් බෝල් කරන්න පුළුවන්. කිසිම ‘ඉන්ජරි’ එකක් නෑ. බැට් කරද්දීත් එහෙමයි. රවුම් විස්සක් දුවන සමහරු ඕවර් කීපෙකට වැඩිය ඉන්න බෑ. රවුම් පහක් දුවන්න අමාරු සමහරු දවස හමාර එක දිගට බැට් කරනවා. ‘ෆිට්නස්’ කියන්නේ වෙන කාරණයක්. වෙනත් ක්‍රීඩාවලට වඩා ක්‍රිකට්වල ෆිට්නස් වෙනස්. මේක තේරුම් ගන්න ඕනෑ.  
 
බල්ලගෙ වැඩේ බූරුව කරන්න පටන්ගත්තු නිසා තමයි මේවා අද පටලවාගෙන තියෙන්නේ. අද ක්‍රිකට්වලට මේ ඉරණම අත්වෙන්න ප්‍රධාන හේතුව මේක. වැරදි පුද්ගලයො ක්‍රිකට්වලට රිංගපු එකෙන්. ක්‍රීඩාවයි පල්ලම් බැහැලා තියෙන්නේ. අද අපේ පුහුණුවීම් කෙරෙන්නේ පිට රට කරන දේවල් බලාගෙන. කොටින්ම අපේ රටේ සංස්කෘතියට අද‌ාළ ක්‍රිකට් ක්‍රීඩාව අද වෙනස්වෙලා. ක්‍රීඩකයින්ගෙ විනය, හැසිරීම, විලාසිතා අද ප්‍රශ්නයක් වෙලා.
 
මම මේවා ගැන හරියට හිතනවා. මම පරණ කෙනෙක් නිසා එහෙම වෙනවා ඇති. ඒත් සමහර රටවල් ඒ රටවල්වල සංස්කෘතියට පටහැනි දේවල් ක්‍රිකට්වලට ගේන්නේ නෑ. රටේ අනන්‍යතාවය ක්‍රිකට්වලිනුත් පේන්න ඕනෑ. ක්‍රීඩකයා දැනගන්න ඕනෑ ක්‍රීඩා කරන්න. පරිපාලනය දැනගන්න ඕනෑ පරිපාලනය කරන්න. අද ක්‍රිකට් පාලක මණ්ඩලේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාකරන්නේ සභාපති. පළපුරුදු ක්‍රීඩකයෝ ඔහේ බලාගෙන ඉන්නවා. පරිපාලනය ගැන පරිපාලකයින්ට වගක් නෑ. ඒකයි මම කිව්වෙ මේක බල්ලගෙ වැඩේ බූරුව කරන තත්ත්වයක් කියලා.  
 
 
  •   පරිපාලකයො හරියට පරිපාලන වැඩ ටික කරන්නෙ නැති නිසා අද ක්‍රීඩකයෝ ඒවා ගැන කතා කරන්න පටන් අරගෙන.  
මේ දෙකම වැරදියි. යහපාලන ආණ්ඩුව යටතේ නරකම තත්ත්වය උද‌ාවුණේ අපේ ක්‍රිකට්වලට. මමත් ආණ්ඩුවෙ කොටස් කාරයෙක් විදියට ඒ ගැන කනගාටු වෙනවා.  
 
 
  •   අනෙක් රටවල් බඩ හෝ ‘ෆිට්නස්’ මේ තරම් ප්‍රශ්නයක් කර ගන්නවද? උස මහත හාදයො වෙන ටීම්වලත් අපි දකිනවා.  
වෙන රටවල ක්‍රීඩකයෝ තමන්ගේ වැඩේ කරනවා. පාලකයෝ පරිපාලනය කරනවා. පුහුණුකරුවො ක්‍රීඩකයින්ට පුහුණුවීම් කරනවා. අනුන්ගෙ ජොබ් එක බද‌ාගන්න යන්නෙ නෑ ඒ අය. ඒක නිසා මේ වගේ ප්‍රශ්න නෑ ඒ රටවල්වල. මැච් දිනන පරදින එක ක්‍රීඩකයින්ගේ දක්ෂතා අඩු වැඩිවෙන එක කොයි රටවලත් තියෙන ප්‍රශ්න. ඒවා කළමනාකරණය කර ගන්න ඕනෑ තමන්ට අද‌ාළ පොබ් එක කරලා මිසක් ක්‍රීඩා ඇමැති ක්‍රීඩකයින්ගේ බඩ අඩුකරන්න යෑමෙන් නොවෙයි. ඒ ජොබ් එකට අද‌ාළ පිරිසක් වෙනම ඉන්නවනේ. අපි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව යම් තැනකට ගෙනාවා. අපිට කලින් ඉඳපු අයගෙ උදව්වත් ඒකට හේතු වුණා. අද මොනවද වෙන්නෙ කියලා හිතාගන්නවත් බෑ.  
 
  •   1996 ලෝක කුසලානයට ගහපු ටීම් එකේ අර්ජුනගේ, ගුරුසිංහලගේ, රවින්ද්‍ර පුෂ්පකුමාරලගෙ බඩවල් ගැන එඳ‌ා ඉඳපු ක්‍රීඩා ඇමති මෙහෙම වද වුණාද?  
ඇමතිවරයා තමයි තේරීම් කමිටුව තෝරන්නේ. තේරීම් කමිටුව තමයි ක්‍රීඩකයො තෝරන්නෙ. මේ දෙකම හරියට අද වෙනවද කියලා අපි දන්නෙ නෑ. අපි ගහපු කාලේ මෙහෙම විහිළු වැඩ තිබුණෙ නෑ. අද ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට පත්වීමේ වගකීම ඇමතිවරයා සහ පාලකයො වගේම ක්‍රීඩකයොත් ගන්න ඕනෑ. අපේ කාලෙ ක්‍රිකට් ගැන මම කතා කරන්න ගියාම කියාවි පැත්තක ඉඳන් කියවනවා කියලා. හැබැයි අපි එද‌ා කරපු දේවල් බලන්න.  
 
අපි ලෝක කුසලානය දිනුවනේ. මම ක්‍රිකට් ගහන කාලය තුළ මගේ ජොබ් එක හොඳට කළා. මගේ වැඩ ටික කරලා දුන්නා. ක්‍රිකට් ආයතනයේ මම ඉන්න කොට විනය ක්‍රියාත්මක කළා. ක්‍රිකට් හද‌ාගෙන එනකොට ගාමිණී ලොකුගේ ඇමතිතුමා මාව අයින් කළා. එ​්කෙන් මගේ දේශපාලන ගමන මට ශක්තිමත් කරගන්න ඉඩ ලැබුණා. මම අද පාර්ලිමේන්තුවේදීත් ක්‍රිකට් ගැන කතා කරන එක නවත්තලා තියෙන්නේ. මීට පස්සේ එන අලුත් ආණ්ඩුවකදී මම ඍජුවම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවෙලා අපේ රටේ ක්‍රිකට් හදලා දෙනවා.
 
 
  •   ක්‍රීඩකයින්ගේ විලාසිතා ඔබටත් ඇලජික් වුණා. මේක ඇත්තටම මාර ප්‍රශ්නයක්ද ක්‍රීඩාවට?  
ප්‍රශ්නයක් වෙන්නෙ මෙහෙමයි. අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ හැසිරීම් දිහා බලල තමයි තරුණ ක්‍රීඩකයෝ ඒවා අනුකරණය කරන්නේ. ඒ අය දිහා බලලා තමයි පාසල් ක්‍රීඩකයෝ හැසිරෙන්නේ. ඒක ලෙඩක් වගේ බෝවෙන දෙයක්. ඒ ලෝකෙ පුරාත් වෙනවා. අනෙක් රටවල් ගැන නෙවෙයි අපි බලන්න ඕනෑ අපේ රට ගැන. අපි ඉතිහාසයක් සංස්කෘතියක් තියෙන රටක්. ක්‍රිකට්වලට ඕනෑ කියලා මේවා විනාශ කරන්න හොඳ නෑ. වෙන රටවල්වල ක්‍රීඩකයෝ හැසිරෙන තාලෙට අපි හැසිරෙන්න ඕනෑ කියලා ඒකත් නෑ. අපේ රට ඉස්සරහට තියල තමයි අපේ ක්‍රිකට් ලෝකය ඉදිරියේ තියන්න ඕනෑ.  
 
අපි ක්‍රිකට් ගහන කාලේ විලාසිතා කරන එක ගැන නෙවෙයි අපි හිතුවෙ. අපි හිතුවෙ මැච් දිනන විදිය. ​කොච්චර විලාසිතා තිබුණත් වැඩක් නෑ මැච් එකේදී ​ෙෆ්ල් වෙනව නම්.  
 
  අද ලසිත් මාලිංග කට අරින්න ගිහින් දඩ කාලා ඉන්නවා. ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ගැන ස්වාධීන අදහස් කියන්නම බැරිද?  
ක්‍රීඩකයෝ ඉන්නෙ ක්‍රීඩා කරන්න. ක්‍රීඩකයො තමන්ගේ සීමාවෙ ඉන්න ඕනෑ. ක්‍රීඩකයෝ හරි විදියට ක්‍රීඩා කරල මැච් දිනනව නම් කාටත් උත්තර දෙන්න යන්න ඕනෑ නෑ. අපි ක්‍රිකට් ගහද්දී අපි ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගහන්න ගියේ නෑ. ක්‍රීඩාව ​නොදන්න පාලකයෝ පරිපාලනය හරියට කරන්නේ නැතුව ක්‍රීඩාව ගැන කතාකරන්න යනවා. ඒක තමයි මම කිව්වෙ අද බල්ලගෙ වැඩේ බූරුවා බාර අරගෙන බූරුවාගේ වැඩේ බල්ලා බාර අරගෙන කියලා.  
 
 
ඔය වගේම කතාවක් නෙවෙයිද ලසිත් මාලිංගත් අර ගිරව් එළියෙ ඉද්දි රිලව් බෙනේ ඉන්නවා කියන කතාවෙන් කියන්න හැදුවෙ?  
ලසිත් මාලිංගගේ කතාවලින් නම් මට වැඩක් නෑ. මම කියන්නේ කොයි රිලවත් කොයි ගිරවත් තමන්ගේ වැඩේ කළා නම් ඉවරයි. රට ඉස්සරහට තියලා ක්‍රිකට් ගහන එක තමයි වැදගත්. වාර්තා බලාගෙන ක්‍රිකට් ගහන්න අපි ගියේ නෑ. අපිට ඕනෑ වුණේ තරග දිනන්න. මම තමයි පළවෙනි වතාවට මේ රටට ලෝක කුසලානය ගේන්න නායකත්වය දුන්නේ. මට ඒක ඇති. ඕනෑම ක්‍රීඩකයෙක් නම ඉතුරුවෙන තාලෙට ක්‍රීඩා කරන එකයි වැදගත්. අයි.පී.එල්. ගහද්දි හොඳට ගහන්නයි අනෙක් තරගවලදී බැරි වෙන්නයි විදහක් නෑනේ. අයි.පී.එල්. ඇත්තටම අපේ ක්‍රීකට්වලට නරක බලපෑමක් කළා. ක්‍රිකට් බිස්නස් එකක් කරගෙන ඉන්න අය එක්ක මේ රටේ ක්‍රිකට් උස්සන්න බෑ.
 
 
 
  ඔබ කියන්නේම අර්ජුනලගෙ කාලෙ ක්‍රිකට් තමයි ක්‍රිකට් කියල වගේ කතාවක්?  
සමහර කාලවල ක්‍රිකට් පහළට ගිය වෙලාවල් තිබුණ. කණ්ඩායමේ ප්‍රශ්න පරිපාලනයේ ප්‍රශ්න නොයෙක් ​ෙද් මේවට බලපෑවා. ඒත් සමස්තයක් විදියට ගත්තම අපේ කාලේ ක්‍රිකට් ජනප්‍රිය වුණාද නැද්ද උඩට ආවද නැද්ද කියලා රටේ මිනිස්සුන්ගෙන් අහන්න.  
මට ලෝක කුසලානයක් දිනන්න තිබුණු ලොකුම වාසනාව තමයි මාත් එක්ක ඉඳපු ක්‍රීඩකයො දහතුන් දෙනා. මේ අය රට ගැන මිසක් සල්ලි ගැන හිතුවෙ නෑ. ලෝක කුසලානය දිනුවොත් වෙන රටවල්වලින් හම්බවෙන කොන්ත්‍රාත් ගැන අපිට ඉලක්ක තිබුණෙ නෑ. අපි ක්‍රිකට් ගහද්දී එක පවුලක් වගේ ඉඳපු ටීම් එකේ සමගියක් නෑ අද. 
 
 
  ඒ කියන්නෙ අද පිලත් පිල් බෙදිලා.  
හරියට හරි. අද ටීම් එකේ එක්කෙනෙකුට එක්කෙනෙක් නෑ. කල්ලි ගැහිලා. අපි නම් කවුරු හරි ක්‍රීඩකයෙක් දුර්වල වෙද්දී එයත් ඇදගෙන යන්නයි බැලුවෙ.  
 
 
  ඔබ කිව්වට ඔබලා රට ගැන මිසක් සල්ලි ගැන හිතුවෙම නෑ කියලා කතාවක් තිබුණා නේද. ඔබත් එක්ක ගහපු සමහරුන්ට කාර් එකක් එහෙම පෙන්නුවම එද‌ාට හෝ ගාලා හයේ හතරේ ඒවා වදිනවා කියලා....  
ඔය වගේ එක කතා තිබුණට ඒ ක්‍රීඩකයෝ තරග දිනවන්න ක්‍රීඩා කරලා තියෙන විදිය බලන්නකෝ. මේ අය එකතුවෙලා වර්ල්ඩ් කප් එකත් දිනුවනේ. තාම ඒක ඊට පස්සේ අයට කරගන්න බැරි වුණානේ. පෞද්ගලිකව ලෝක වාර්තා තියපු ක්‍රීඩකයො ඕනෑ තරම් ඉන්නවා. ඒත් රට වෙනුවෙන් කුසලානයක් ගේන එකයි වඩා වැදගත්.  
 

 

  •   1996 ලෝක කුසලානය දිනපු ටීම් එකේ බොහෝ දෙනෙක් අද ලංකාවේ ක්‍රිකට් එක්ක ඍජුවම සම්බන්ධයි. ඔබයි පැත්තකට වෙලා ඉන්නෙ. ඇයි එහෙම වුණේ?  
මම වැරදි පුද්ගලයො එක්ක වාඩිවෙන්න සූද‌ානම් කෙනෙක් නෙවෙයි. මම මුදලට නැමෙන මිනිහෙක් නෙවෙයි. ක්‍රිකට් බිස්නස් එකක් කරගත්තු අය එක්ක මට ගනුදෙනුවක් නෑ. අද වෙනකොට අරවින්ද සිල්වත් අයින් වෙලා.  
 
 
  • ඇලන් ඩොනල්ඩ්ලා අපිට ලොකු වෙද්දී හතුරුසිංහ බංග්ලාදේශයට ලොකු වෙනවා.  
ක්‍රිකට් ගැන දන්න අයට ලංකාවේ ක්‍රිකට්වල ඉඩක් නෑ. වැඩ බැරි අය තමයි ඒවට ගිහින් ඉන්නේ. හතුරුසිංහලාටත් වුණෙ ඒක. අැලන් ඩොනල්ඩ්ගෙ නෙවෙයි ප්‍රශ්නෙ. එයාල ගෙන්නලා අපි මැච් දිනුවද කියලයි බලන්න ඕනෑ. ලංකාවේ ඕනෑතරම් හොඳ පුහුණුකරුවො ඉන්නවා. අපේ පුහුණුකරුවෝ මහන්සිවෙලා ටීම් එක හැදුවම පිටරට පුහුණුකරුවා ඇවිත් මොනවා හරි පොඩ්ඩක් කරනවා. ඒත් ඒ අයට තමයි අන්තිමට ක්‍රෙඩිට් එක යන්නේ. මම තාමත් කියන්නේ ලංකාවෙ අපිට ඉඳපු හොඳම පුහුණුකරු තමයි රෝයි ඩයස් කියලා. අපිත් එක්ක වට්මෝර් පවා හිටියා. ඒත් ඒ අය අපි දිනපු ගමන් වෙන තැනක ලොකු කොන්ත්‍රාත්තුවකට යනවා. එයා කරපු දේ මම අවතක්සේරු කරන්නේ නෑ.  
 
 
  •  යහපාලන ආණ්ඩුව ගේන්න දරදිය ඇදපු ප්‍රධාන කොටස්කාරයෙක් වෙච්ච අර්ජුනට ක්‍රීඩා ඇමැතිකම ලැබුණෙ නැති දුකද මේ?  
අපෝ නෑ, මගෙන් ජනාධිපතිතුමා ඇහුවා ක්‍රීඩා ඇමැතිකම ඕනෑද කියලා. මමයි ඒක ප්‍රතික්ෂේප කළේ. ​ෙමාකද ගොඩක් දෙනෙක් හිතුවෙ මම ක්‍රීඩා ඇමැතිකම බලාගෙන තමයි දේශපාලනයට ආවේ කියලා. මම බලාපොරොත්තු වුණේ වෙන ඇමතිකමක් කරන අතරෙ ක්‍රිකට් පරිපාලනයට හවුල් වෙලා ක්‍රිකට් ගොඩ ද‌ාන්න. ගාමිණී දිසානායක මහත්තයා කළේ ඒ වගේ දෙයක්. යහපාලන ආණ්ඩුවෙ හොඳ දේවල් වගේම වැරදි දේවලුත් සිද්ධ වුණා.  
 
ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව එකක්. යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රීඩාව නම් විනාශ කරනවා කියලා මට කියන්න වෙනවා. මේක සැලසුම්සහගතව සිද්ධ වෙන දෙයක් ද දන්නෙත් නෑ.  

 

ප්‍රියන්ත කොඩිප්පිලි  



අදහස් (0)

බඩ වැඩි අයට ක්‍රිකට් ගහන්න බැරිද ?

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 5 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 8 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 23 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 10 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site