වසංගත රෝග විද්‍යා අධ්‍යක්ෂ
(අසුන්තා එදිරිසූරිය)
ලොව බොහෝ රටවල ‘කවසාකි’ නමින් කුඩා දරුවන් අතර පැතිරී යන රෝගය ශ්‍රී ලංකාවට ආගන්තුක රෝගයක් නොවන අතර, පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙම රෝගය වැළඳුණ දරුවන් මෙරටින් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කීය.
මෙම කවසාකි රෝගය වසංගත රෝගයක් බවට පැතිරී ඇති කටකතාවලට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව ද වෛද්‍ය සමරවීර මහතා කීය.
උණ, උගුරේ වේදනාව, දිව රතු පැහැ ගැනීම, නියපොතු අග පුපුරා ලේ ගැලීම, තොල් පැලීම, බෙල්ලේ වසා ගැටිති මතුවීම, සම මතුපිට රතු පැහැති පල්ලම් මතුවීම කවසාකි රෝග ලක්ෂණ වශයෙන් හඳුනාගෙන ඇති අතර රෝගී තත්ත්වය උත්සන්න වීමේදී හෘදයට බලපෑම් ඇති විය හැකි බව ද වෛද්‍ය සමරවීර මහතා ප්‍රකාශ කළේය.
කෝවිඩ් 19 වයිරසය හා මෙම කවසාකි රෝගී තත්ත්වය අතර සම්බන්ධතාවක් නොපවතින බව කී ඔහු මෙය බෝ නොවන රෝගයක් ලෙස මෙන්ම දුර්ලභ ගණයේ රෝගයක් ලෙස ද හැඳින්විය හැකි බව ද සඳහන් කළේය.
මේ අතර මෙම රෝගය වැළඳී ඇති බවට සැකකරන දරුවන් කීපදෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද දැනගන්නට ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කවසාකි රෝගය වැළඳුන ළමයින් වසර ගණනාවක්ම මෙරටින් වාර්තා වුණා