IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සෙනසුරු හත විවාහයට හොඳද නරකද ?

සෙනසුරු හතේ සිටින කේන්ද්‍රවල හොඳ නරක කතා කිරීමට ප්‍රථමයෙන් සෙනසුරු ග්‍රහයාගේ ස්වභාවය ගැන සොයා බලමු.   


නවග්‍රහ මණ්ඩලයේ නිවටයා හැටියට ගණන් ගෙන තිබෙන්නේ සෙනසුරාය. එසේ සිතාගෙන තිබෙන්නේ ඔහුගෙන් මනුෂ්‍යයාට සිදුවන දේවල් අත්දැකීමේ පළපුරුද්දෙනි. සෙනසුරාදා අයිති වැඩි හරියක් ලෞකික මනුෂ්‍යයාට නොගැළපෙන දේවල්ය. සෙනසුරු බොහෝවිට නරක ග්‍රහයෙක් යැයි අප සිතුවත් කලාතුරකින්වත් හොඳ පැත්තට හැරුනොත් කරන හොඳ එවලේම බලවත් වේ. මින් අදහස් කරන්නේ සෙනසුරා හොඳට හිටියොත් එතරම්ම බලවත් බවයි.   


අප දැන් සෙනසුරු හතේ සිටින කේන්ද්‍ර හිමියන්ගේ විවාහය ගැන කරුණු සොයා බලමු. ශනි නැතහොත් සෙනසුරු හතේ සිටීම විවාහයට හොඳ නැත යයි කියන මතයක් ඇතැම් ජ්‍යෝතිෂඥයින් අතරද පවතියි. එහෙත් ඒ මතය වැරදියි. කේන්ද්‍ර දහස් ගණනක් පරික්ෂා කිරීමේදී අත්දැකීම් තුළින් සෙනසුරු හතේ සිටින අයගේ විවාහය ඉතාම සාර්ථක වී ඇති බව ඔප්පු වී තිබේ. ඒ නිසා සෙනසුරු හතේ සිටියාය කියා අනිසි බියක් ඇතිකර නොගන්න. මා එසේ කියන්නේ දුක් කම්කටොලු බාධා කරදර විඳ ඒවා ගැන කිසිම කලකිරීමක් නොමැතිව නොබියව ප්‍රශ්නවලට මුහුණදීමට හැකිවීම සෙනසුරාට ඇති බල මහිමය නිසාය. මේ සෙනසුරු හතේ විවාහය හොඳ නැත කියා අතීතයේ සිට පැවැත එන්නේ එක් කරුණක් පදනම් කරගෙනයි. ශනි හතේ සිටින පුරුෂයින්ට බොහෝවිට ලැබෙන්නේ සමාන වයසේ ස්ත්‍රීන්ය. ඇතැම්විට තමාට වඩා වයසින් වැඩි අයත් ලැබීමට පිළිවන.   


මෙය අතීතයේ සිටි බ්‍රාහ්මණයින්ට නොගැළපේ. පුරාණ පොත් ලියන කාලයේ පණ්ඩිත බ්‍රාහ්මණයන් බොහෝවිට විවාහ වී ඇත්තේ තමාට වඩා වයසින් බාල ස්ත්‍රීන් සමගය. මේ නිසා අතීත සමාජයේ මේ පණ්ඩිත බ්‍රාහ්මණයින්ට ඔවුන්ගේ වස්තුව දේපළ බලා ඇතැම් දෙමාපියන් ඉතාම ළාබාල සුරූපී දියණියන් මොවුන්ට සරණ පාවාදී ඇත. ඒ මත සිටි මෙම බ්‍රාහ්මණයින් සෙනසුරු හත විවාහයට නොසුදුසු බව ප්‍රකාශ කර ඇත. නමුත් එය වැරදි දුර්මතයකි. සෙනසුරු හතේ සිටින අයගේ විවාහය ප්‍රමාද වූවත් ඉතාම සාර්ථකයි. බොහෝවිට උගත් බුද්ධිමත් දරුවන් ලැබීමට සෙනසුරු හතේ සිටින අඹු සැමියන් වාසනාවන්ත වෙයි. 


ඇතැම් විට ඉතාම හොඳ ග්‍රහයෙක් වන ගුරු නොහොත් බ්‍රහස්පති හතේ සිටින අයගේ විවාහය කඩාකප්පල් වී ගොස් ඇත. නමුත් සෙනසුරු හතේ සිටින අයගේ එසේ අසාර්ථක නොවේ. සෙනසුරු හතේ සිටින අයගේ විවාහය මුලදී සුළු සුළු ප්‍රශ්න ඇතිවුවත් ජීවිතයේ අග භාගයේ ඉතාම සාර්ථක අයුරින් ගෙන යන බව අප අත්දැක තිබේ.   


මේ නිසා සෙනසුරු හතේ සිටින කේන්ද්‍ර හිමියාගේ විවාහය තරමක් ප්‍රමාද වුවත් සාර්ථක වේ. එපමණක් නොව එවැනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම රුව ඇති සහකරුවන් සහකාරියන් ලැබේ. ලැබෙන දරුවන්ද උගත් බුද්ධිමත් අය වේ. මේ නිසා සෙනසුරු හතේ කියා දුක් නොවන්න. සෙනසුරු හතේ සිටින කේන්ද්‍ර හිමියන් රාහු හතේ සිටින කේන්ද්‍ර හිමියන් සොයා ගතහොත් අති සාර්ථක වේ. විවාහය දිවිය බබළවයි.   

 

 


ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් විදුහල්පති   
කේ.ඩී.ආර්.පී. රාජකරුණා,   
ගුරු සෙවණ ජ්‍යොතිෂ කාර්යාලය   
මැදවැලිකඩ පාර, රාජගිරිය.   

 



අදහස් (0)

සෙනසුරු හත විවාහයට හොඳද නරකද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 157 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1093 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site