IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සොක්කන්ට සහ ලොක්කන්ට සියල්ල අනියත බව පෙන්වන සෙනසුරු

 

සෙනසුරු ග්‍රහයා හොඳ හෝ නරක යමෙකුට තදින් දැනෙන්නම ක්‍රියා කරන ග්‍රහයෙකි. යහපතට හැරුනොත් උසස් නිලතල කීර්තිනාම මෙන්ම ධනයෙන් හා බලයෙන් බලවතෙකු කරන්නට සමත්වනවා මෙන්ම නරකට හැරුණොත් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවා මහපාරේ වුවද මරණයට පත්කරනු ඇත. කෙසේ නමුදු සෙනසුරු ලෞකික සැප සම්පත් යමෙකුට ලබා දෙන්නේ ඉතා කලාතුරකිනි.  


පෙර කුසල් බලය ඉස්මතු කර දීමටත් සියල්ල අනියත බව වටහා දීමටත් දුක සැප මනුෂ්‍යයාට පෙන්වා දෙන සෙනසුරු හැර වෙන ග්‍රහයෙක් නොමැති තරම්ය.  


විශේෂයෙන් මෙම කාලයේ ධනු ලග්න හිමියන් උඩුයටිකුරු කරවන ලග්න ඒරාෂ්ටකය හා මූල පුවපල් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ජන්මලාභී ධනු ලග්න හිමියන්ට ජන්ම ඒරාෂ්ටකය හා ලග්න ඒරාෂ්ටක දෙකම 2020 දක්වා තදින්ම බලපවතිනු ඇත. එයට අමතරව ධනු ලග්න හිමියන්ගේ අටවැන්න හෙවත් මාරකස්ථානයේ රාහු ග්‍රහයා සතුරුව ගමන් කරනු ඇත. ධනු ලග්න හිමියන් බලවත්ම පාපි රාහු සහ සෙනසුරුට ග්‍රහනය වී දැඩි පීඩාවට පත්වී ඇත. මානසික පීඩා සහ කායික වශයෙන් ලෙඩ රෝග හදිසි අනතුරු විපත් ධනහානි මෙන්ම අඹුසැමි අසමගිය දුරස්වීම දූ දරුවන්ගේ අකීකරු බව හිතුවක්කාර ක්‍රියාමාර්ගවලට පෙළඹීම මත්ද්‍රව්‍ය ආදියට ගොදුරු වී තමා නොසිතන දුක් පීඩාවන්ට මුහුණපෑමට සිදුවන කාල සීමාවකි.  


වෘෂභ ලග්න හිමියන්ගේ අටවැන්නේ සෙනසුරු ගමන් කිරීම අෂ්ඨම ඒරාෂ්ටකය වශයෙන් සැලකේ. ඉහත නැකත් තුන මුල්කර ගෙන ජන්මලාභි වෘෂභ ලග්න හිමියන්ට අෂ්ඨම සහ ජන්ම ඒරාෂ්ටක අපල දෙකම එකට ලබා ඇති බව සිහිපත් කරමි. එවැනි අයට ද ඉහත ප්‍රතිවිපාක බලපෑම් එල්ලවීමේ ප්‍රවණතාව වැඩිය.  


මිථුන ලග්න හිමියන්ගේ හත්වැන්නේ සෙනසුරු ගමන් කිරීමත් ඉහත නැකත් තුළින් ජන්මලාභී අයට ජන්ම ඒරාෂ්ටකය දෙදහස් විස්ස දක්වා බල පවතින කාලය තුළ යුග දිවියට මෙන්ම අවිවාහක අයගේ විවාහක කටයුතුවලට බාධා ඇති වේ.  


කටක ලග්න හිමියන්ගේ ලග්න ගතව රාහු සතුරුව තැන්පත්ව සිටින කාලයක් බැවින් තම ජීවිතයේ යහපත් දේට වඩා අවුල්වියවුල් සහගත ප්‍රශ්න මෙන්ම හත්වැන්නේ කේතු සතුරුවීම නිසාත් විවාහක ප්‍රශ්න හා රෝග විපත් ගෙන දෙනු ඇත.  


වෘශ්චික ලග්න හිමියන්ගේ ධනස්ථානයේ සෙනසුරු ග්‍රහයා දෙදහස් විස්ස දක්වාම ගමන් කිරීම හේතු කොටගෙන ආර්ථික වශයෙන් දැඩි පීඩාකාරී අපහසුතාවන්ට පත්වීම ණය ගනුදෙනුවලදී ඉතා බුද්ධිමත්ව හා ප්‍රවේසම් විය යුතු කාල සීමාවක් බව සිහි තබාගන්න. සෙනසුරු මහ දශා අතුරු දශා ලබා ඇති අයට සහ අනෙකුත් ලග්න හිමියන් මුල නැකත හෝ පුවපල් නැකත මෙන්ම උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ජන්මලාභී සැමටම ජන්ම ඒරාෂ්ටකය බල පවතිනු ඇත. එම අයට ද කායික හා මානසික විවිධ අපහසුතාවන්ට මුහුණ දීමේ ප්‍රවණතාව වැඩි බව සිහි තබාගැනීම මැනවි.  


උපස් තපස් සෙනසුරු සියලු සැප සම්පත් අනියත බව පසක් කරදෙන මිනිසා ලෝකෝත්තර දිවිමගට යොමු කරන කුසල් කරන යමෙකු වේද? ඔහුට යහපත් මග පෙන්වන අතර අයුක්තිය අසාධාරණය රජ කරවන පාප කර්මයේ දුසිරිත්වල යෙදෙන යම් අයෙකු වේද ඔහුට මෙලොව වශයෙන් අනන්ත දුක් දී පරලොව දී යමපල්ලන් වෙත යොමු කිරීමේ හැකියාව සෙනසුරුට ඇත.  


සෙනසුරු අපල දුරු කිරීමට ශාන්ති කර්ම වශයෙන් නිරතුරු තුනුරුවන් සරණ යන්න. බෝධි පූජා සහ විෂ්ණු පූජා තබා ආශිර්වාද ලබාගැනීම, ශනි මුර්තුංජ්‍ය හෝ මහා මුර්තුංජ්‍ය වැනි බලවත් යන්ත්‍රයක් මනා ලෙස ජීවම් කර පැලඳ ගැනීම සහ සෙත් කවි කියවීම යහපත් වනු ඇත. කාක නිල් මැණික් ඇල්ලූ රිදී හෝ පස්ලෝ මුදුවක් ජීවම් කර පැලඳ ගැනීම යහපත් වේ. වැඩිහිටි අයට මෙන්ම දුගීමගී යාචක අයට කරුණා මෙත් සිතින් සලකා පින් අනුමෝදන් කරගන්න.  

 

 


කීර්ති ශ්‍රී ලංකාභිමානී, ජ්‍යෝතීර් විද්‍යා විශාරද  
ගුප්ත විද්‍යාවේදී  
ජේ.එම්. ජයන්ත ඒකනායක  
සියපත කාර්යාලය  
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල.



අදහස් (0)

සොක්කන්ට සහ ලොක්කන්ට සියල්ල අනියත බව පෙන්වන සෙනසුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 238 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2093 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site