IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විවාහය සහ අධිකාම යෝග

සාර්ථක විවාහයකින් ගම්‍ය වන්නේ අඹු සැමි දෙදෙනාගේ හදවත් තුළ ඇති ආදරය බැඳීම හිතෛෂි බව සතුට සමගිය සේම කායික බැඳීම ලිංගික සබඳතා දරුඵල එකිනෙකා අනෙකා කෙරෙහි සංවේදී වීම ආදී කරුණුය. 


ඇතැම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අධිකාම යෝග පිහිටීම ඇතිවීමට පුළුවනි. එවන් කාම යෝග ඇති උදවිය විවාහ වියයුත්තේ එවැනිම යෝග යෙදී ඇති අය සමගයි. මේ සඳහා පොරොන්දම් පරික්ෂාවත් කේන්ද්‍ර 02 ගැළපීමත් ගැන සැලකිය යුතුයි. 


කාමුක යෝග යෙදෙන ක්‍රම කීපයකි. කුජ සිකුරු 02 න් එකට සිටීමෙන් 01-04-07-10 යන ස්ථානයක නම් අධික කාමාශාවන් ඇති අයකු වෙයි. මෙම සංයෝගය ශරීර ශක්තිය ගෙන දෙයි. මෙම යෝගය යෙදී ඇති අයකුට එවන් යෝගයක් යෙදුන සහකරුවකු හෝ සහකාරියක විවාහවීම ගැළපෙයි. 


මිථුන ලග්නයෙන් උපන් අයකුගේ ලග්නාධිපති බුධ ග්‍රහයා ලග්නගතව සිටිවිට (01) සිකුරු ධනු රාශියේ නොහොත් 07 වැන්නේ සිටිවිට එය කාමාධික යෝගයක් වෙයි. මිථුන ලග්න හිමිකරුවකුගේ හිමිකාරියකගේ බුධ කුමන ස්ථානයක සිටියත් එතැනින් භාව 06 කින් එහා 07 වැන්නේ සිකුරු සිටීම ද අධිකාම යෝගයකි. 


සිංහ ලග්න හිමියන්ගේ රවි සිකුරු දෙදෙනා 04 වැන්​නේත් (වෘශ්චික රාශියේ) සහ 04 අධිපතියා (කුජ) ලග්න ගතව සිටියදී සඳු 03 වැන්නේ තුලා රාශියේ සිටීමද අධිකාම යෝගයකි. කේන්ද්‍ර සටහනේ රවි කුජ 07 සිටීමද අධිකාම යෝගයකි. 


ලග්නය වෘශ්චික වී කුජ 07 වැන්නේත් 07 වැන්න අධිපති සිකුරු ලග්නයේත් ස්ථාන මාරුකරගෙන සිටීමත් රවි 11 වැන්නේ වීමත් කාමුක යෝගයකි. කුජ සිකුරු සංයෝගය වැඩිපුරම කලාකරුවන්ට නළු නිළියන්ට පිහිටා ඇති බව පෙනේ. 


සිකුරු සෙනසුරු එකට සිටීමෙන් වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කළ හැකිය. ඇතැම්විට විවාහය ප්‍රමාද වීමට පුළුවනි. බුධ සිකුරු දෙදෙනා අභ්‍යන්තර හැඟීම් රාගය කාමය අවුස්සයි. සංගීත කලා කටයුතුවල යෙදී සිටින අයට මෙම යෝගය වැඩිවශයෙන් බලපායි. 


​ෙක්න්ද්‍ර සටහනේ 07 වැන්නේ කුජ ශනි රාහු කේතු සිටීම විවාහයට එතරම් ශුභදායක නැත. රාහු සමග සඳු 07 සිටීමෙන් කාමාධික ගුණය වැඩිකරයි. මෙය විවාහ ජීවිතයට සේම චරිත ශුද්ධියට ද බලපායි. 


හත අධිපතියා සහ 05 අධිපතියා එකට සිටීමෙන් විවාහය ඉක්මන්වෙයි. හත්වැන්න අධිපතියා සමග කුජ (අඟහරු) සංයෝගවීමෙන් කාමාශා බලවත් වන අතර විවාහය ද ඉක්මන් වෙයි. 


විවාහ ජීවිතයේ සැප අඩුවන්නේ ගුරු සඳු සංයෝග යෙදීමෙනි. කේන්ද්‍ර සටහනේ 02-05-07-11 යන තැනක ගුරු සඳු සංයෝගය පිහිටා ඇත්නම් විවාහ ජීවිතයේ සැප අඩු කරයි. 

 

 


මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිර්වේදී කලාභූෂණ 
ආර්.ඇම්.ටී.බී. රත්නායක. 

 



අදහස් (0)

විවාහය සහ අධිකාම යෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site