IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මරබ්ය නැතිව නිවසේ ජීවත්වෙන්නේ මෙහෙමයි

මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කළ ගෙබිම් ශාස්ත්‍රය නොහොත් වාස්තු විද්‍යාව දෙවියන් විසින් ඉගෙනගෙන පසුකළ සෘෂිවරයන් අතට පත්ව විශ්වකර්ම නම් වූ ඉසිවරයා විසින් ලෝවැසි මනුෂ්‍යයන්ගේ හිතසුව පිණිස ජ්‍යෙතිෂ්‍ය හා බැඳි වාස්තු විද්‍යාව වූ උතුම් ශාස්ත්‍රීය විද්‍යාව අපට දායා ද කර ඇත.   


මෙම ශාස්ත්‍රය අනුව නිවසක් ඉදිකිරීමට පෙර ඒ සඳහා නැකැත් පිළියෙල කිරීමේ දී උපයෝගි කරගන්නා ගණිතමය චක්‍ර ක්‍රමයට වාස්තු චක්‍රය යැයි කියති. මුහුර්ත චින්තා මානික්‍ය ග්‍රන්ථයේ ඒවා කාව්‍යයෙන් අපූරුවට පෙන්වා ඇත. ව්‍යෂභ චක්‍රය, කැම් චක්‍රය, ගෙවල් චක්‍ර, භූම නාග චක්‍ර ආදිය ඉන් කිහිපයකි.   


අපේ රටේ පෞරාණික විහාර, දේවාල, මාලිගා, විශ්වකර්ම දේවපුත්‍රයා විසින් නිර්මාණය කළ ඒවා බව ජනකතාවලින් ප්‍රකාශිතවී ඇති අතර, එය සත්‍ය බවට පිළිගත හැකිය. ඉතා ස්වල්ප දිනකින් නිවස ඉදිකර අවසන්කර ගැනීමටත් සෞභාග්‍යය ළඟාකර ගැනීමටත් විශ්වකර්මයා යොදා ඇති වාස්තු විද්‍යා ශාස්ත්‍රය ක්‍රම හා මුහුර්ථ නොහොත් නැකැත් මිනිසාට චූඩා මාණික්‍යයක් බදු බව සැකයෙන් තොරව කිව හැකිය.   


ජෝති සරන්නේ බින් ඇරැඹීමට වෘෂභ චක්‍රය ශූභ බව මෙසේ පෙන්වා ඇත්තේ කාව්‍ය රචනයෙන්ය.   


324/ ගැණ රවිසිටි නැකත සිට සත්විසි රිකඳ   
තුන සිව් සතර තුන සිව් සිව් දෙක තුනද   
වෙන වෙන අටකොටස් පිළිවෙළට කරල   
ගනු ගහවාස ඇරැඹුන් මතුකියන ලෙද   
325/, ලන්පෙර බාගතුන සිරි සැපත ගෙන දෙති   
උත්වේගය දෙවන සිව් තුන් සිව් සැපති   
යුත් සිව්බාග තුන සිරි සැපතින් පිරෙති   
පස්වෙනි රාග හතරෙන් දිළිඳුකම දෙති   
326/යුත් සයවන භාග සතරේ දන ලබණ   
සත්වන දෙක හානි අටවන තුන මරණ   
පත්වුණ ගෙමිකම් යුතු නැකැත් සුබතෑ   
සිත් ලෙස ගෙවල් අරබනුව සබසක ගැණ   


මෙහි අභිප්‍රව - හිරු යම් සිටි නැකතේ පටන් නැකත් 3 ක් 1 බාගය - එතැන් පටන් සතරක් 2 වෙනි භාගය - යළි සතරක් 3 භාගය - නැවත - තුනක් සතර වෙනි භාගය ආයෙත් - සතරක් 5 වෙනි භාගය - සය වෙනි භාගයට 4 ක යළි 7 වන භාගයට 2 කයි - නැවත අටවන භාගයට 3 යි - ඉරු පටන් මෙසේ අව භාගකර ගුණ බලා සුබ තැන්වලට වැටුණු නැකැත්වලින් ගෙබින් අරඹන්ට කි නැකැත් ගෙන ගෙවල් පටන් ගනු සුබයත් අත්වන බව ප්‍රකාශිතයි.   


සූර්යයා ඇතුළු ග්‍රහයන් මුල්කරගෙන ජ්‍යොතිෂයේ උපදෙස් ඇතිවා වගේම වාස්තු චක්‍රය අනුව නැකැත් යොදා ගන්නේද සූර්යයා එම කාලය තුළ සිටි නැකැත් අනුවය. වාස්තු පුරුෂයාගේ මුල් නැකැත් තුන හිසෙහි ද ඊළඟ නැකැත් හතර පාද කෙළවර යටිපතුලෙහිද, ඉන්පසු නැකැත් හතරක් දෙපාවලද තුනක් පිටෙහි නැතහොත් උර කොටසෙහිද තවත් නැකැත් හතරක් දකුණු ඇළයෙහිද තවත් නැකැත් තුනක් රහස් ස්ථානයේද, ඊළග නැකැත් හතර වම් ඇළයෙහිද අවසන් නැකැත් තුන මුඛයෙහිද වශයෙන් අභිජිත් නැකැත් සමග නැකැත් 28 සකසා ගන්නේය.   


සූර්යා වර්ෂය ඇතුළත් හිරු මෙම නැකැත් ස්පර්ෂකරමින් ගමන් කරන නිසා ඒ ඒ මාස වලදී තෝරා ගත යුතු නැකැත් මෙම චක්‍රය අනුවම යොදා ගත යුතුමයි. එමෙන්ම මුල්ගල් තැබීම, ගෙවදීම, උළුවහු තැබීම ආදිය ද මෙම චක්‍රයන්ට අනුව යොදා ගන්නේ නම් යහපත්ව යස ඉසුරු ලැබෙන බව නියතයි.   


වාස්තු චක්‍රය ආරම්භවන හිරු සිටි නැකතින් 1 සිට 3 දක්වා හිසෙහි නැකැත් 3 න් නිවසක් ඉදිකිරීමට පටන් ගතහොත් ගින්නෙන්, හෙණ අකුණුවලින්, සුළගින්, ගස් ඇදවැටීමෙන් විනාශ වේ. පාද කෙළවර නැකැත් 4, රවි සිටි නැකතින් 4 සිට 7 දක්වා නැකැත් 4 අරඹන නිවස පාළුවට යාම ගෙහිමියා නිවසින් පිටයාම, නිවැසියා පරඅඹුවන් කරා යාමද සිදු වේ. අද මෙය සත්‍ය බවට ඔප්පු වී ඇත. තවද මේ නිසා බිරිඳ හා දරුවන් ද වෙනත් ස්ථානවල පදිංචියට යයි. නිවස විකුණ දමයි. සමහරවිට කෙනෙකු කුලියට පවා නොගනි.   


හිරු සිටි නැකතේ සිට අටසිට එකොළහ දක්වා නැකැත්වලින් නිවසක් ආරම්භ කළොත් එම නිවස කරදර හිරිහැරවලින් තොර ධන සම්පත් සෞභාග්‍ය ලැබ කෑම, බීමත් නොඅඩුව ස්ථිර සව්සිරි නිවසක් වෙයි.   


පිටේ හෝ උරයේ නැකැත් තුන රවිසිටි නැකතින් 12, 14 නැකැත්වලින් වැඩ ආරම්භ කරන නිව​ෙසහි යහපත් දූ දරුවන් බිහි වෙන ඇතිවන ශ්‍රී සම්පත් ලැබ සෞභාග්‍යයෙන් පිරුණු නිවසක් වේ. රවි සිටි නැකතේ සිට පහළොව සිට 18 දක්වා නැකැත්වලින් එය දකුණු ඇළයේ නැකැත් 4 න් පටන් ගත් නිවසින්ම ගව මහීෂාධී හා වස්තු සම්පත්, වතුපිටි, ඉඩ කඩම් යාන වාහන ගේදොර, දැසි දසුන් ආදියෙන් පූර්ණවේ.   


රහස් පෙදෙසේ නැකැත් 3 න් හෝ රවි සිටි නැකත පටන් 19 වෙනි නැකතේ සිට 21 වැනි නැකත දක්වා නැකැත්වලින් ඉදිකළ ගෙය ගෙහිමියාට වද හිංසා බන්ධනාගාර ගතවීම් නඩු හබ සමාජයෙන් පිරිහීම අගෞරවය නින්දා අපහාස හිංසා පීඩාවන්ට ලක්වේ.   


වම් ඇළයේ නැකැත් අතරින් රවි සිටි නැකතින් 22 සිට 25 දක්වා නැකැත්වලින් ඉදිකළ ගෙයි පදිංචි අය දිළිඳු භාවයට පත්ව පරිහානියට දුකට පත්වේ.   


වාස්තු පුරුෂයාගේ මුඛයේ අවසන් නැකැත් 3 න් නැතහොත් රවි සිටි නැකතින් 26 සිට 28 දක්වා නැකැත් 3 ඉදිකළ නිවසෙහි පදිංචි අයට රෝග, පීඩා, ඔත්පලවීම, අංශභාග රෝග, ශල්‍යකර්මවලට භාජනයවීම්, අකල් මරණ ද අඩදබර අඹුසැමි භේද අඹුව පරපුරුෂයන් කරා යාම, ලිංග හා ස්ත්‍රි ලිංගවල ක්‍රියාකාරිත්වය හීනවී කාම නිල අක්‍රියතාවන් ඇතිවේ. එනිසා නිවසක් ඉදිකරන විට විශ්වකර්ම නිවාස චක්‍රය අනුව නැකැත් යොදා ගත හොත් එම නිවස කප්රුකකි.   

 

 


ජ්‍යෙතිෂ්‍ය විද්‍යාජෝති   
වාස්තු විද්‍යා උපදේශක   
රඹුක්කන ජිනදාස එදිරිසිංහ   
(පොලිසිය අසල) 



අදහස් (0)

මරබ්ය නැතිව නිවසේ ජීවත්වෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site