IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බඳින වයස දැනගන්න ඔ​ෙබි අතත් බලාගන්න

 

හස්ත රේඛා පරීක්ෂාවේදී කෙනෙකු විවාහය සිදුවන වයස පිළිබඳව විමසූ විට මුලින්ම ස්ත්‍රී පුරුෂ භේදය අනුව ස්ත්‍රියක නම් වම් අතද පුරුෂයකු නම් දකුණු අතද තෝරා ගත යුතුය. අනතුරුව අතෙහි විවාහ රේඛාවක් පිහිටා ඇත්දැයි බැලිය යුතුය. මන්ද විවාහය සිදුවන වයස් සීමාව නිගමනය කිරීමට නම් අතෙහි විවාහ රේඛාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු හෙයිනි. 

සමස්ත හස්තයම (අත්ල) පරීක්ෂා කර බලා විවාහයක් සිදුවේද නොවේද? යන්නත් බැලිය යුතුයි. විවාහයක් සිදුනොවන්නේ නම් වයස පිළිබඳ විමසීමෙන් ඵලක් නොවන බැවිනි. විවාහ රේඛා කිහිපයක් වෙතොත් ඉන් නියම විවාහ රේඛාව කුමක්ද යන්නද තෝරාගත යුතුය. 


විවාහ රේඛාව හෘදය රේඛාවට කොපමණ දුරකින් පිහිටා ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් විවාහය සිදුවන වයස් සීමාව අනුමාන කළ හැකිය. සුළැඟිල්ලේ සිට හෘදය රේඛාවට ඇති දුර අවුරුදු 50 ක් ලෙස සලකා වයස් සීමාව නිගමනය කිරීම මෙහිදී සිදුවේ. හෘදය රේඛාවට ඉතා ආසන්නයේ විවාහ රේඛාව පිහිටා ඇත්නම් වයස 17 ත් 24 ත් අතර ද එම සීමාවේ මධ්‍යයේ පිහිටා ඇත්නම් වයස 24 ත් 30 ත් අතර ද සුළැඟිල්ලට ආසන්නව පිහිටා ඇත්නම් වයස 30 ත් 40 ත් අතර ද විවාහය සිදුවේ. විවාහ රේඛාව සුළැඟිල්ලට ඉතා ආසන්නව පිහිටා ඇත්නම් අවුරුදු 40 ඉක්ම යන්නටද පුළුවනි. 


එම සීමාවම සමාන කොටස් පහකට බෙදීමෙන්ද විවාහය සිදුවන වයස නිගමනය කරයි. ඒ මෙසේය. විවාහ රේඛාව හෘදය රේඛාවට ආසන්න පළමු කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 18 ට පෙර ද දෙවැනි කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 18 ත් 20 ත් අතරද තුන්වැනි කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 20 ත් 24 ත් අතරද හතරවැනි කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 24 ත් 30 ත් අතර ද සුළැඟිල්ලට ආසන්න පස්වැනි කොටසේ පිහිටා ඇත්නම් වයස අවුරුදු 30 න් පසුවද විවාහය සිදුවේ. 


තවද දෛව ​ෙර්ඛාව උපයෝගී කරගෙනත් විවාහය සිදුවන වයස් සීමාව නිශ්චය කළ හැකිය. එයට චන්ද්‍ර මණ්ඩලයෙන් නැඟුණු ශාඛා රේඛාවක් දෛව රේඛාවට සම්බන්ධ වී තිබිය යුතුයි. මෙහිදී දෛව රේඛාව කොටස් 04 කට බෙදා දැක්වේ. එම එක් කොටසකට හිමි ප්‍රමාණය අවුරුදු ගණනින් 20 කි. අවුරුදු 20 දක්වා අැති පළමු කොටසට චන්ද්‍ර මණ්ඩලයෙන් පැමිණි ශාඛා රේඛාව සම්බන්ධ වී ඇත්නම් වයස අවුරුදු 20 ට පළමුව ද ඊළඟ රේඛාවට සම්බන්ධ නම් එනම් 20 සිට 40 දක්වා අතර කොටසට සම්බන්ධ නම් ඒ අතර විවාහය සිදුවේ. 


මෙය සූක්ෂමව බෙදාගෙන බලතොත් ආසන්නම වයස් සීමාව පිළිබඳ තීරණයකට එළැඹිය හැකියි. එනම් එම 20 ත් 40 ත් අතර කොටස දෙකට බෙදා 20 ත් 30 ත් අතර කොටසක් සකසා ගත හැකියි. නැවතත් හතරකට බෙදීමෙන් 20 ත් 25 ත් අතර ආදී වශයෙන් වර්ෂ 05 කොටස් කර ගත හැකියි. එවිට වයස් සීමාව නිගමනය කිරීම පහසු වනු ඇත. වඩාත්ම යෝග්‍ය වන්නේ මෙම ක්‍රම ත්‍රිත්වයටම සංසන්දනය කර විවාහය සිදුවන වයස් සීමාව නිගමනය කිරීමයි. 

 

 

 

 


මංජුල තරුකෙම
වැල්ලවාය 



අදහස් (2)

බඳින වයස දැනගන්න ඔ​ෙබි අතත් බලාගන්න

Vihara sathyanji Tuesday, 14 May 2019 06:54 AM

විවාහ වීමට ගතවන වයස

:       1       3

සිත්මිනි ගයත්‍රි Thursday, 21 May 2020 11:12 AM

හොයාගන්න අමාරුයි මොන රේඛාවද කියලා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site