IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ධවල මන්දිරයට කොරෝනා ගෙනා තරුණිය

මාධ්‍ය ලේකම් ලෙස   

 

 

චීනයෙන් ඇරැඹි බවට සැලකෙන ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ඔඩුදුවද්දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිර කොරෝනා වයිරස කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේය. ට්‍රම්ප් එම කාර්ය සාධක බලකායේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කළේ ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් ය. කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස පත් කළේ 1984 වසරේ සිට ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචිය.   


අද වනවිට කොරෝනා වයිරස කාර්ය සාධක බළකායේ සමාජිකයන් කිහිප දෙනකු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති අතර, 79 හැවිරිදි වෛද්‍ය ඇන්තනි ෆවුචි ද දින 14 ක් සඳහා නිරෝධායනයට ලක් කර අවසන්ය. ඒ, ඔහු ද ආසාදිතයකු යැයි සැක කරමිනි.   

 

කේටි සැමියා සමඟ   

 

 

චීනයෙන් පිට මේ වනවිට වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වර්තා වන්නේ ඇමෙරිකාවෙනි. වැඩිම මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි. ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වයිරසය මර්දනයට නිසි පියවර නොගත්තේ යැයි ඇමෙරිකන් ජනතාව පමණක් නොව, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද චෝදනා නගා ඇත. පසුගිය 10 වැනිදා වනවිට ධවල මන්දිරයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිය. ඒ අනුව, ධවල මන්දිරයේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 6 දක්වා ඉහළ ගියේය. ධවල මන්දිරයෙන් හමුවුණු නව ආසාදිතයගෙන් කෙනකු ට්‍රම්ප්ගේ මෙහෙකරුවෙකි. අනෙක් ආසාදිත තැනැත්තිය කේටි මිලර් ය. කේටි මිලර් යනු ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරියයි.   


29 හැවිරිදි කැතරින් (කෙටියෙන් කේටි) රෝස් වොල්ඩ්මාන්, විවාහ වූයේ පසුගිය 2019 වසරේ සැප්තැම්බරයේය. ඇගේ සැමියා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටීවන් මිලර්ය. කැතරින් වොල්ඩ්මාන්, කැතරින් (කේටි) මිලර් වූයේ ඒ අනුවය. ෆ්ලොරීඩාවේ ෆෝට් ලෝඩර්ඩේල් හි පදිංචිකාරියක වන කේටි, ධවල මන්දිරයේ තවත් උපදේශිකාවක වන ඇලීසියා ෆාරාගේ සහායිකාව ලෙස වසර කීපයක් කටයුතු කළාය. කේටි මිලර්, උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස උසස් වීමක් ලැබුණේ විවාහ වීමෙන් පසු පසුගිය 2019 ඔක්තෝබරයේය.   

 

උප ජනපති මයික් සමඟ කහිමින් වැඩිහිටි නිවාසයට ගිය අවස්ථාව  

 

කේටි මිලර් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය සිකුරාදා (8) ය. ඊට දින කීපයක් තිස්සේ ඇයට කැස්සක් පැවැති අතර, ඇය කහිමින් මාධ්‍යවේදීන් හමුවට ගොස් තමන්ට වයිරසය වැලැඳී නැති බව කියමින් විහිළු කළ බව ද පැවැසෙයි. කේටි මෙසේ කහිමින් විහිළු කර ඇත්තේ, උප ජනපති පෙන්ස් සහ සෙසු ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද පිරිවරා ගනිමින්, වර්ජීනියාවේ වැඩිහිටි නිවාස කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය. පෙන්ස් හෝ කේටී හෝ පෙන්ස්ගේ කාර්ය මණ්ඩලයේ වෙන කිසිවකු හෝ මුහුණු ආවරණ පැලඳ සිට නැත. වාසනාවකට මුහුණු ආවරණ පැලඳ සිට ඇත්තේ එම අවස්ථාවට පැමිණි, කේටි සමීපයට ගිය මාධ්‍යවේදීන් පමණය.   


කේටි කොවිඩ් 19 ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ධවල මන්දිර කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබුණි. ඒ පසුගිය 12 වැනිදාය. ඒ අනුව, මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය වූයේ ධවල මන්දිරයේ ‘වෙස්ට් විංග්’ කොටසේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහ එහි පැමිණෙන පිරිසටය. ඇමෙරිකන් ජනපතිවරයාගේ ප්‍රධාන කාර්යාලය වන ඕවල් කාර්යාලය, කැබිනට් කාමරය, රූස්වෙල් කාමරය සහ හදිසි සාකච්ඡා පැවැත්වෙන කාමරය පිහිටා ඇත්තේ ධවල මන්දිරයේ වෙස්ට් විංග් යනුවෙන් හැඳින්වෙන මෙම කොටසේ ය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව, උප ජනාධිපති මයික් පෙන්ස් ද ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යොමු කරන අතර, ඔවුන්ට වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍යවරු කියති. ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මුහුණු ආවරණ එසේත් නැතිනම් මාස්ක් අනිවාර්ය වුවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාස්ක් පලඳින්නේ නැති බවත්, ඔහු ඒ ගැන තැකීමක් නොකරන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.   

 


ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

ධවල මන්දිරයට කොරෝනා ගෙනා තරුණිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site