IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දළදා වහන්සේ කුඩුපට්ටම් කරන්න ගිය ‘චාමස්’ ආණ්ඩුකාරයාට සිදුවූ විපත

 

 

 

මෙය වසර 90 කට පෙර එනම් 1921.05.12 වෙනිදා සිදුවූ අපූර්ව සිද්ධියකි.  


එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහි සිටි අාණ්ඩුකාරයා වූයේ චාමස් මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලයේය.  


එදා වෙසක් පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව චාමස් උඩුමහලේ සිට දැක්කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන ආණ්ඩුකාරයාට ඉවසිය නොහැකිවිය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් සහ වෛරයක් ඇතිවිය. වහාම කම්මල්කරුවෙකු කිණිහිරක් සහ කුළුගෙඩියක් සොයාගෙන එන ලෙස ආණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන ලෙස නියෝග කෙරිණි.  


ටික වේලාවකින් ආණ්ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය - කුළුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්ඩාර උයනේ එක්තැනක රඳවා මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිණිහිරිය මත තැබීමට අාණ්ඩුකාරයා නියම කෙරිණි.  


සිදුවන්ට යන දෙය ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක් සපුරා සිටින මොරගොල්ලේ රං එතනාද ඒ පිරිස අතර වූහ.  


ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කිණිහිරිය මත තබා කුළු ගෙඩියෙන් ගසා කුඩු කර දමන ලෙස ආණ්ඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජ නියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු දළදා හිමියන් කිණිහිරිය මැද තබා කුළු ගෙඩිය ඔසවා වැරෙන් පහරක් පහළට පාත් කළේය. නමුත් කුළු ගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එතැන නොවීය. “අනේ සාදු... අනේ සාදු...” කවුරුත් හඬ නගන්නට වූහ.  


ආණ්ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය.. ඉක්මනට හොයාපිය. නැත්නම් තොටත් මරණය පරසුද්දා ගෝලු ගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතුන් වහන්සේ සෙවීය. කොතනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇත්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරියේ එවැනි කිසිදු ලකුණක් නොවීය.  


කෝ තොපේ බුද්ධා හොයාපියව්.... නැත්නම් තොපි ඔක්කොම මරනවා සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොරසූරන වැස්ස පටන් ගත්තේය. දොඹ ගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. වැස්ස නවතීවි යන බලා​පොරොත්තුවෙන් ටික වෙලාවක් සිටි නමුත් වැස්ස නැවතුණේම නැත. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙමි තෙමීම කුවින්ස් හෝටලයට දුව ගියහ.  


එසේ පටන්ගත් වැස්ස නැවතුණේම නැත. රැස්ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්ස නොනැවතීම වහින්නේය. එදා දවස පමණක් නොව එදා රාත්‍රිය පමණක් නොව ඊළඟ දවසේ පමණක් නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මුළු මහනුවරම වැවක් මෙනි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඉදිකරන ලද නුවර වැව බැමි පුපුරා කඩාගෙන යන්නට ඔන්න මෙන්න කියා තිබිණි.  


ආණ්ඩුකාරයා කලබල විය. එහේ මෙහේ දුවන්නට විය. කරගත හැකි කිසිවක්ම නැත. වැව පුපුරා ගියොත් කුවින්ස් හෝටලයද ඉවර වේ. අාණ්ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය. දැන් දැන් මේ දැන් ගිහින් කියාපියව් අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බවෙන්න කියලා කියාපියව්. දුව පියව් ආණ්ඩුකාරයා අණ කළේය.  
ටික වේලාවකින් වැස්සේ තෙමීගෙන අහළ පහළ බෞද්ධයෝ ටික දෙනෙක් පැමිණියහ. පරයි දැන් පලයව් දැන්ම පලයව් තොපේ බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්කොම මරල දානවා. දැන් පලයව්. ආණ්ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.  


බෞද්ධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුම බණ්ඩාර උයනේ තණකොළ ගහක් නෑර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනෙකු ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේ වැඩ සිටි තැන බැලූහ. කිසිදු අරෝවක් අාපදාවක් නැතිව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්ෂ කළහ. අනේ සාදු සාදු ඔවුන්ට ඉබේටම කියවිණි.  


සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා. අපට අනුකම්පාකොට සහනයක් ලබාදුන මැනවි. වරද කළේ සුද්දා වුණාට අපේ මිනිස්සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව්කොට පිටිපස්සෙන් පිටිපස්සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්සෝය. වැස්ස මුළුමනින්ම නැවතී තිබිණ. එක පොදක්වත් වැටෙන්නේ නැත. එසැණින්ම ආණ්ඩුකාරයා වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.  


අණ්ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපා වී මාරු වී පිටරට ගියේය. ශ්‍රී දළදා හිමිපාණන්.. ඉස්සුවොත් හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිඳා බැස ඇත්තේ මේ සිද්ධිය මුල් කරගෙනය. අමාරුවෙන් තතන තනනා මේ පුවත හෙළි කළ රං එතනා මිත්තණියට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා...  

 

 


සටහන - එප්පාවල 
රත්න බී. ඒකනායක  



අදහස් (1)

දළදා වහන්සේ කුඩුපට්ටම් කරන්න ගිය ‘චාමස්’ ආණ්ඩුකාරයාට සිදුවූ විපත

vidya Thursday, 01 August 2019 04:10 AM

ඒකනායක මහතාණනි , ඔබ තුමා ලියු මෙම ලිපිය කියවූ විට මා හට ඉතාම කනගාටුවක් සහ සතුටක් ඇති විය. මා රොබට් චර්මෙස් ආණ්ඩුකාරවරයාගේ තොරතුරු අන්තර්ජාලයේ සොයන විට මා දුටුවේ එතුමා පාලි සහ බුද්ධ ධර්මය ප්‍රගුණ කල ලංකාවේ අවුරුදු දෙකක් පමණ කාලයක් සේවය කල ආණ්ඩුකාරවරයෙකු ලෙසටයි. මේ පිළිබඳව ඔහුගේ තොරතුරු ඇතුලත් ග්‍රන්ථයේ නම හෝ මුලික තොරතුරු ගත් ලිපියේ නමක් මෙම පිටුවෙහි පල කරන මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site