IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ද්විත්ව මුඛ ආවරණ භාවිතයෙන් කොවිඩ්-19 වලට එරෙහි ආරක්ෂාව වැඩිවේ

ද්විත්ව මුඛ ආවරණ භාවිතයෙන් කොවිඩ්-19 වයිරසයට එරෙහි ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නව නිර්දේශ ඉදිරිපත් කරමින් කියා සිටියේය.   


ඔබ පලඳින මුඛ ආවරණය මගින් වෛරසයෙන් ඔබේ ආරක්ෂාව වැඩි දියුණු කරගන්නා ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ඔවුන් ද්විත්ව මුඛ ආවරණ භාවිතය ගැනද විශේෂයෙන් සඳහන් කර තිබේ. ඔවුන් පවසන්නේ ඉවත දැමිය හැකි මුඛ ආවරණයක් (ශල්‍ය මුඛ ආවරණයක් වැනි) උඩින් රෙදි මුඛ ආවරණයක් පැලඳීම යෝග්‍ය බවයි. එවිට එය ද්විත්ව මුඛ ආවරණ පැලඳීමකි. කෙසේ වෙතත් රෙදි මුඛ ආවරණය ද ස්ථර තුනකින් යුතු මුඛ ආවරණයක් වීම ඔවුන් දිරිමත් කරයි.   


මේ ආකාරයෙන් ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණයක් වැනි වෛද්‍ය පටිපාටික මුඛ මුහුණකට ඉහළින් රෙදි මුඛ ආවරණයක් ද දැමීමෙන් වෛරසය බෝවන අංශු 92.5% ක්ම කාන්දු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබේ.   


එසේම මුඛ ආවරණය පැලඳීමේ දී නාසයට උඩින් කම්බියක් ඇති මුඛ ආවරණයක් පැලඳීමද දිරිමත් කරන ඔවුන්, ලිහිල් මුඛ ආවරණවල හිඩැස්වලින් වාතය කාන්දුවීම වැළැක්විය යුතු බව අවධාරණය කරයි. ඒ ආකාරයෙන් මුඛ ආවරණයක් පැලඳි විට ඊට උඩින් හෝ යටින් හෝ දෙපසින් කිසිදු ආකාරයකින් වාතාශ්‍රය කාන්දු නොවන බව සැක හැර දැන ගන්නා ලෙස ද ඔවුන් පවසයි. මීට අමතරව හුස්ම ගැනීමේ කපාට ඇති හෝ හිඩැස් ඇති මුඛ ආවරණ නොපලඳින ලෙස ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

 

 

ගාඩියන් ඇසුරෙනි...   
සටහන  තිළිණි ද සිල්වා   



අදහස් (0)

ද්විත්ව මුඛ ආවරණ භාවිතයෙන් කොවිඩ්-19 වලට එරෙහි ආරක්ෂාව වැඩිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 237 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site