IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඩෙංගු රෝගය වැළඳීමෙන් වැළකීමට පිරිත් බලයෙන් හා ජ්‍යෝතිෂයෙන් කළ හැකි ප්‍රතිකර්ම

ත්‍රස්තවාදී උවදුරෙන් මිදුණ අපේ රට අද ආක්‍රමණය කර ඇති බලවත්ම සතුරා මදුරුවාය. මදුරුවා මගින් බෝවන මාරාන්තික රෝග කිහිපයක්ම ඇත. වෙනත් සතුන් ගත් කල ඔවුන් මගින් මිනිසාට වැල​ෙඳන්නේ සාමාන්‍යයෙන් එක් රෝගයකි. එහෙත් මදුරුවාගෙන් ඩෙංගු, මැලේරියාව, බරවා, සෙංගමාලය වැනි භයානක රෝග ගණනාවක් වැලඳෙන අතර රෝගියකු වෙතින් නිරෝගී පුද්ගලයකුට රෝග ගෙන යන වාහකයෙකු ලෙසද මදුරුවා ක්‍රියා කරයි.  
 
ඩෙංගු ​රෝගය මදුරුවා මගින් බෝ කරණ මාරාන්තික රෝගයක් බව කවුරුත් දන්නා දෙයකි. අද වන විට එය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර ඩෙංගු රෝගය මර්දනය කිරීමට අපහසු තත්ත්වයට සෞඛ්‍ය අංශ පවා පත්වී ඇත. මෙම රෝගය නිසා අහිමි වන වටිනා ජීවිත සංඛ්‍යාව ද විශාලය.   


ඩෙංගු වෛරසයට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිදේහ මිනිසාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ නොතිබීම මෙම රෝගය වැලඳීමට හේතුවයි. එබැවින් රෝගය වැලඳීමෙන් පසු ප්‍රතිකාර ගැනීමට වඩා එය වැලඳීමෙන් වැළකී සිටින්නට හැකි නම් එය හොඳම ප්‍රතිකර්මයයි.   


ඩෙංගු රෝගය වැලඳීමෙන් වැළකිය හැකි දිව්‍ය ඖෂධය.   


පුරාණ පුස්කොළ පොත්වල ඩෙංගු නමින් උණ රෝගයක් ගැන සඳහන්ව නොමැති අතර සියලුම බාහිර උපද්‍රවයන් හා සතුන් මගින් බෝවන උණ ආගන්තුග උණ නමින් දක්වා අැත. මේ අනුව ඩෙංගු, මැලේරියා වැනි මදුරුවන් මගින් වැලඳෙන උණ මේ ගණයට අයත් වේ.   


මදුරුවන් මගින් මෙන්ම සියලු තිරිසන් සතුන් මගින් බෝවන රෝග වලින් වැළකී සිටිය හැකි සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය ඇතිවන අත්දුටු ඖෂධීය තෙලක් දේශීය පාරම්පරික වෙදකමේ ඇත.   


මෙම ඖෂධය එක් වරක් ගැනීමෙන් ජීවිත කාලය පුරාවටම ඉහත රෝග හා උවදුරු වලින් පමණක් නොව යක්ෂ ප්‍රේත උවදුරු ද දුරු වන්නේය. මෙම ඖෂධයේ වටිනාකම ආරක්ෂා කළ යුතු බැවින් මෙන්ම ​ෙවෙද්‍ය හා ජ්‍යෝතිෂ දැනුම ඇති කෙනෙකු විසින් මෙය විධිමත්ව සාදාගත යුතු බැවින් එහි වට්ටෝරුව මෙහි පළ නොකරමි.   


මෙම ඖෂධය අටවිසි පිරිතෙන් හා දස දිසා පිරිතෙන් ජීවම් කර එක් දිනක් පමණක් පාන්දර හිස් බඩ පානය කළ යුතුය. උදේට ආහාර නොගත යුතුය. උණුකර නිවාගත් ජලය පමණක් වරින් වර පානය කළ යුතුය. කිහිපවරක් සරල ලෙස බඩ විරේක වීම සිදුවෙයි. පසුව එය ඉබේටම නතර වෙයි. දවල්ට එළවළු වෑංජන සමග බත් ආහාරයට ගන්න.   


ඖෂධ පානයට කළ යුතු ජ්‍යෝතිෂමය ක්‍රම වේදය.   


තමන්ගේ ජන්ම කේන්ද්‍රයේ සඳහන් උපන් නැකතට සීහුම් වෙන අස්විඳ, රෙහෙන, මුව සිරස, පුෂ, අනුර, සුවන, දෙනට, සියාවස, රේවතී, උත්‍රපල්, උත්‍රසල හෝ උත්‍ර පුටුප යන නැකතක් පවතින සහ පුර හෝ අව පක්ෂයේ පෑලවිය, තියවක, ජලවක, සැටවක, අටවක, නවවක, එකොළොස්වක හෝ තුදුස්වක යන තීථියක් පවතින දිනක බ්‍රහ්ම මුහුර්තියෙන් (පාන්දර 4.30 ට පමණ)   


මෙම ඖෂධය පානය කළ යුතු බව නියමයයි.   


ඩෙංගු රෝගය සුව වන අත්දුටු පාරම්පරික කසාය වටේටෝරුවක්   


ඩෙංගු රෝගය සඳහා නිශ්චිත ඖෂධයක් මෙතෙක් සොයාගෙන නොමැති නිසා රෝහල් ගත වන රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේක සුවයෙන් සිටීමට ඉඩ හැරීම සහ අවශ්‍ය වුවහොත් සේලයින් ලබා දිම හැර වෙනත් ඖෂධ ප්‍රතිකාර ලබාදෙන බවක් පෙනෙන්නට නැත. එම නිසා එක් එක් රෝගීන්ගේ කායික තත්ත්වයන් අනුව ඇතමුන් කාලයත් සමග සුවයක් ලබන අතර ඇතැමුන් අසාධ්‍ය තත්ත්වයට හෙවත් රක්තපාත තත්ත්වයට පත් වෙයි. එබැවින් පහත සඳහන් ඖෂධය නිවසේදී සාදාගෙන ලබා දිය හැකි නම් රෝගය අසාධ්‍ය තත්ත්වයට පත් නොවී සුව වෙන බව අත් දුටුය. තවද ඖෂධය සාදා ගත් පසු එය අටවිසි පිරිතෙන් 21 වරක් ජීවම් කර ලබා දිය හැකි නම් ඖෂධයේ ගුණය තවත් හොඳින් රෝගියාට පත්‍ය වනු ඇත. එම වට්ටෝරුව මෙසේය.   


පිටවක්කා (සහමුලින්) කළන් 6   
කටුවැල්බටු කලන් 1 මංචාඩි 10   
​කොත්තමල්ලි කලන් 1 මංචාඩි 10   
වෙනිවැල්ගැට කලන් 1 මංචාඩි 10   
පත්පාඩගම් කලන් 1 මංචාඩි 10   


සාදන පිළිවෙළ   


මේවා ගෙන වතුර පීරිසි කෝප්ප 8 ක් දමා කෝප්ප 1 ක් දක්වා සිඳුවා ගන්න. එයින් කෝපප 1/2 බැගින් උදේට සහ සවසට (කෑමට පෙර) සීනි තේ හැඳි 1 යි. මී පැණි තේ හැඳි 1 යි දමා පානය කරන්න. දින 7 ක් ගන්න. පළමු දිනයේ සිට රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ යාමට පටන් ගනී. අතුරු ආබාධ කිසිවක් නැත. රක්තපාත තත්ත්වයට පත් නොවී රෝගය සුවවෙයි.   


මදුරුවන් පලවා හැරිය හැකි සාර්ථක ක්‍රමයක්   


සාම්බ්‍රාණි කුඩු ගෙන අටවිසි පිරිතෙන් 21 වරක් ජීවම් කර තබා ගන්න. දිනපතා සවස 6 ට පමණ නිවස තුළට හා නිවස අවට ප්‍රදේශයට මෙයින් දුම් අල්ලන්න.   

 

 

 


ප්‍රසන්ජන සිල්වා   
ජ්‍යෝතිෂවේදී පාරම්පරික වෛද්‍ය   
වෙදගෙදර, අංක 19, මිනුවම්පිටිය පාර  
පානදුර. දු.ක. 0774530823 



අදහස් (0)

ඩෙංගු රෝගය වැළඳීමෙන් වැළකීමට පිරිත් බලයෙන් හා ජ්‍යෝතිෂයෙන් කළ හැකි ප්‍රතිකර්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 283 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 410 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site