IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ගවයන් සමඟ එකට දිවිගෙවන මුන්ඩාරි ගෝත්‍රිකයෝ

 

 

  • කන්නේ බොන්නේ නිදාගන්නේ එකට;   
  • නාන්නේ ගව මුත්‍ර; මුදල් ඒකකය ගවයන්;   
  • හැබැයි, කවදාවත් ගව මස් කන්නේ නැහැ   

 

 

නව තාක්ෂණය සහ අන්තර් ජාලයේ උදව්වෙන්, විශ්ව ගම්මානයක් බවට පත් වුණු අප ලෝකයේ, සාම්ප්‍රදායික ජීවන රටාව නොකඩවා පවත්වාගෙන යන ගෝත්‍රික වැසියෝ ද සිටිති. ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකා රටවල මෙවැනි ගෝත්‍ර දකින්න ලැබේ.   


මේ ගෝත්‍රිකයන්ගේ ජීවිත ඉතාම සරලය. ඔවුන් උදෑසන අවදි වී, මහමඟ රස්තියාදු වී, පරිගණකයක් ඉදිරියේ දවස ගෙවන්නේ නැත. අද අප බොහෝ දෙනා නවීන තාක්ෂණයේ වහලුන් බවට පත් වෙද්දී, ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනය නැතිවම බැරි අංගයක් බවට පත් වෙද්දී, ‘උගත්කම’ නිසා අප ජීවිත සංකීර්ණ වෙද්දී, මේ නූගත් යැයි සිතිය හැකි ගෝත්‍රික වැසියෝ සරල මෙන්ම චාම් ජීවිත ගත කරති. මේ එවැනි ගෝත්‍රිකයන් කණ්ඩායමක් ගැන කතාවකි.   


මේ ගෝත්‍රිකයන් ජීවත් වන්නේ අප්‍රිකාවට අයත් දකුණු සුඩානයේ සහේල් පළාතේය. මොවුන් හැඳින්වෙන්නේ ‘මුන්ඩාරී’ යනුවෙනි. ‘මුන්ඩාරී’ ගෝත්‍රිකයන් ජීවත් වන්නේ අහිගුණ්කඨියන් මෙනි. ගව පට්ටිය ද සමඟ ඔවුහු සහේල් පළාත පුරා ගමනේ යෙදෙති. ඒ, නයිල් නදිය අසබඩය. ‘මුන්ඩාරී’ ගෝත්‍රිකයන්ගේ ජීවිත බැඳී ඇත්තේ ගවයන් සමඟය. රාත්‍රියට ආරක්ෂාව වෙනුවෙන්, කටු වැටක් සකස් කරමින් ගවයන් ද සමඟ එහි නිදා ගනිති. උදෑසන අවදි වී රාත්‍රී අඳුරත් සමඟ නින්දට වැටෙන තුරු සෑම මුන්ඩාරි ගෝත්‍රිකයකුගේම ජීවිතය ගෙවෙන්නේ ගවයන් සමඟය. 

 
‘මුන්ඩාරී’ ගෝත්‍රික දරුවන් ගවයන්ගේ කිරි පානය කරන්නේ කෙළින්ම ගවයන්ගේ කිරි බුරුල්ලෙනි. ප්‍රමාණයෙන් සද්දන්ත, සුදු පැහැති මේ ගවයන් පිරිසුදු කිරීම, උන්ගේ දිග අං පිරිසුදු කිරීම ඔවුන්ගේ දෛනික රාජකාරියකි.   

 

 


මුන්ඩාරි ගෝත්‍රිකයන් සහ ගවයන් සමඟ ගත කරන ඔවුන්ගේ ජීවිත කතාව ලොවට කියා පෑමට 42 හැවිරිදි ඡායාරූප ශිල්පී මාරියෝ ගැරෙත් සමත් විය. මෙම සටහන සමඟ පළ වන්නේ, ගැරෙත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියට ලබා දුන් අපූරු මෙන්ම විස්මිත ඡායාරූප පෙළකි. මුන්ඩාරි ගෝත්‍රිකයන් ගවයන් ගැට ගසා තබන්නේ නැත. ගවයන් යන්නේ කොහෙට ද ගෝත්‍රිකයෝ ද ඒ පසුපස යති. මුන්ඩාරි ගෝත්‍රිකයන්ට ඇති වටිනාම දේ ගවයන්ය. එය ඔවුන්ගේ මුදල් ඒකකය ද වෙයි.   


මුන්ඩාරි ගෝත්‍රිකයන් දෙදෙනකු අතරේ ගනුදෙනුවක් සිදුවන්නේ නම්, (ආහාර, ඇඳුම් පැලඳුම් හෝ ආයුධ වැනි දේවල් සඳහා) මුදල් ලෙස හුවමාරු වන්නේ ගවයන්ය. මුදවාපු කිරි සහ යෝගට් සකස් කර ගන්නා නමුත් මුන්ඩාරි වැසියන් කිසිම අවස්ථාවක ගව මස් ආහාරයට ගන්නේ නැත.   


මුන්ඩාරි වැසියන් ස්නානය කරන්නේ ගව මුත්‍රය. ඒ, ගව මුත්‍රවල ඇති විෂබීජ නසන ගුණය නිසාය. ගව මුත්‍ර ස්නානයෙන් ආසාදනවලින් බේරීමට මුන්ඩාරි ගෝත්‍රිකයන්ට හැකි වී ඇති බව ඔවුන් සමඟ සති කීපයක් ගත කිරීමට අවස්ථාව ලැබුණු මාරියෝ ගැරෙත් පවසා ඇත. මාරියෝ ගැරෙත් ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙකි.   


‘ඒක පුදුම අත්දැකීමක්. මුන්ඩාරි වැසියන්ට මිනිසා සහ ගවයා අතරේ වෙනසක් දකින්නේ නැහැ. ගවයන් ඔවුන්ගේ ගෝත්‍රයේ සාමාජිකයන් විදියටයි, ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් ඇවිදින්නේ, කන්නේ බොන්නේ, නිදාගන්නේ ගවයන් සමඟයි. හොඳින් වැඩුණු දිග අං ඇති ශක්තිමක් ගවයන් මුන්ඩාරි ගෝත්‍රිකයන්ගේ අභිමානයයි.’ යැයි මාරියෝ ගැරෙත් කියයි.   

 


ලුසිත   
ඩේලිමේල් ඇසුරිනි   

 



අදහස් (1)

ගවයන් සමඟ එකට දිවිගෙවන මුන්ඩාරි ගෝත්‍රිකයෝ

Duminda Wednesday, 12 February 2020 01:07 AM

ලංකාවෙයි මුන්ඩාරි ගෝත්‍රිකයොයි අතරෙ ලොකු වෙනසක් නැහැ. ලංකාවෙ අභිමානය තමා පාර්ලිමේන්තුවෙ ඉන්න අය.

:       14       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 74 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site