එදා, 1982 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනි දිනයි. ස්ථානය - යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් හි පිහිටි නාවුක හමුදා උතුරු සමුද්‍රාසන්න අණදී​ෙම් මූලස්ථානය වන ‘එළාර’ කඳවුරයි. ​ෙව්ලාව උදේ 6 පැයට ආසන්නව ඇත. සුළු නිලධාරියෙකු (පෙටී ඔෆිසර්/පීඕ) වන සෙල්වරත්නම් ගේ අණදීම යටතේ දොළොස්දෙනෙකුගෙන් යුත් නාවුක භට පිරිසක්, සුපුරුදු පරිදි වාහන කිහිපයකින් පිටත්​ෙව්. ඒ, කඳවුරේ පරිභෝජනය සඳහා අවශ්‍ය ජලය, කි.මී. 10 ක් පමණ දුරින් පිහිටි ‘මූලායි’ නමැති ප‍්‍රදේශයේ සිට රැගෙන ඒම සඳහාය.   

ජීප්රථ දෙකකින්, ජල බවුසරයකින් හා ට‍්‍රක් රථයකින් රථපෙළ සමන්විතය. ජීප්රථ දෙක, වෙන් වෙන්ව ඉදිරියෙන් හා පසුපසින් බවුසරයේ හා ට‍්‍රක් රථයේ ආරක්‍ෂාව සඳහා ගමන් ගනී. මීට ප‍්‍රථම එක් අවස්ථාවකදී මෙලෙස ජලය රැගෙන ඒම සඳහා බවුසරය පමණක් ගමන් කිරීමේදී ටෙලෝ සන්නද්ධ කල්ලියේ සාමාජිකයෙකු වූ පාලමොට්ටේයි සිවම් ඇතුළු කිහිපදෙනෙකු එකතුව සැඟවී සිටිමින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළේය. ඒ අප්‍රේල් 21 වැනිදා සංදිලිපායි නමැති ස්ථානයේදීය. දොළොස් දෙනෙකුගෙන් යුත් ආරක්‍ෂක මුරයක් පසුව ​ෙම් සඳහා යොදවා ඇත්තේ ඒ හේතුවෙනි.   


මෙලෙස රථපෙළ එනතුරු විමසිලිවත්ව හා චකිතයෙන් යුතුව අපේක්‍ෂාවෙන් සිටිනා තවත් පිරිසකි. ඒ අන් කිසිවෙකු නොව ‘විමුක්ති කොටි’ කල්ලියේ ප‍්‍රධාන සාමාජිකයෙක් වන කිට්ටු ඇතුළු කිහිපදෙනෙකි. මෙලෙස මොවුන් සැඟවී සිටිනුයේ නාවුක හමුදා රථ පෙළ ඉලක්කකොට ගෙන බිම්බෝම්බ භාවිතා කරමින් ප‍්‍රහාරයක් එල්ල කිරීමටය. මීට පෙර කිසිදු දිනයක මෙවැනි ප‍්‍රහාරයක් සිදුකර නොමැති මොවුන් දැඩි අවිනිශ්චිතතාවකින් යුතුව සිටින බව කිවහොත් නිවැරැදිය.   


කරෙයිනගර් සිට මූලායි දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර් දෙකහමාරක් පමණ දිගින් යුත් යාපනය කළපුව හරහා දිවෙන ‘පොන්නාලේ කෝස්වේ/දියමංකඩ’ මෙම ප‍්‍රහාරය සිදුකිරීම සඳහා තෝරාගෙන ඇති ඉලක්කගත ප‍්‍රදේශයයි. පොන්නාලේ කෝස්​ෙව්/දියමංකඩ යනු කරෙයිනගර් ප‍්‍රදේශයේ පිහිටි කරෙයිතිව් දූපත හා යාපනය අර්ධද්වීපය යා කෙරෙන කළපු මාර්ගයයි. කළපු​ෙව් ජලය බොහෝ තැන්හි සිඳී ගොස් ඇති බැවින් සිවිල් පුද්ගලයින් ගැවසීම ඉතා අඩුවීම හා බිම්බෝම්බ පිපිරවීමට අවැසි සියලු උපක‍්‍රමික සාධකයන් මෙම කළපු ප‍්‍රදේශය සතුව තිබීම එසේ තෝරා ගැනීමට හේතුව වී ඇත.   

 

 

විමුක්ති කොටි කල්ලියේ අරමුණ, නාවුක රථ පෙළ සමන්විතව ඇති සියලු රථ ඉලක්කගත කොට ප‍්‍රහාරයක් එල්ල කිරීමය. ඒ සඳහා ඔවුන් පුපුරණ දුව්‍ය පිරවූ විශාල ප‍්‍රමාණයේ සිලින්ඩර හතරක් බිම්බෝම්බ වශයෙන් සකස්කර ඇති අතර ඒවා මීටර් 20 ක පමණ පරතරයකින් යුතුව මාර්ගයේ සමාන්තරව වළලා ඇත. ඒ සියලු බෝම්බ සම්බන්ධ කර ඇති වයරයේ අනෙක් කෙළවර (පුපුරණ ද්‍රව්‍ය සමඟින් එකී සිලින්ඩරවලට ඇතුළුකර ඇති ‘ඩෙටනේටර් ’ පිපිරවීම සඳහා අවශ්‍ය විදුලිබලය ලබා ගැනීම පිණිස) මාර්ගයේ දකුණු දිශාව දෙසට මීටර් 100 ක් පමණ දුරකට කළපුව හරහා ඇද, අතින් රැගෙන යා හැකි ‘යමහා’ වර්ගයේ ජෙනරේටරයකට සම්බන්ධකර ඇත. වයරය දර්ශනය වීම වැළැක්වීම පිණිස පොළො​ෙව් පස්වලින් එය යට කර ඇත. තවද පුපුරණ දුව්‍ය ඇතුළත් සිලින්ඩර හතර බිම් ගත කිරීමෙන් අනතුරුව මාර්ගයේ එසේ හාරන ලද ස්ථානයන් ආවරණය කිරීම පිණිස තාර අතුරා නැවත මාර්ගය තිබූ පරිදි සකස් කොට ඇත. ​ෙම් ක‍්‍රියාකරකම් සියල්ල මොවුන් සිදු කර ඇත්තේ පෙර දින රාත‍්‍රී කාලයේ දී හා පසු දින අලුයම් කාලයේදීය.   


හමුදාව හා පොලිසිය ඉලක්කකොටගෙන, මෙතෙක් කිසිදු සන්නද්ධ ත‍්‍රස්තවාදී කල්ලියක් බිම්බෝම්බ යොදාගනිමින් ප‍්‍රහාරයක් සිදුකර නොතිබිණි. ප්ලොට්, එල්ටීටීඊ හා ටෙලෝ එවකට සිටි සන්නද්ධ ත‍්‍රස්තවාදී කල්ලි කිහිපය අතුරින් ප‍්‍රධානතම කල්ලි තුන විය. පොලිස් ඔත්තුකරුවන් ඝාතනය කිරීම්, දේශපාලනයේ නිරතවූ විරුද්ධවාදීන් ඝාතනය කිරීම්, පොලිස් සාමාජිකයින් ඝාතනය කිරීම් හා බැංකු කොල්ලකෑම් යනාදී ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්හි මෙම සන්නද්ධ කල්ලි නිරතවී සිටියහ. ඒ සමඟම, අවස්ථාවන් තුනකදී එල්ටීටීඊය හා ප්ලොට් යන කල්ලි, යුද හමුදා සාමාජිකයින් ඉලක්කකොට ගෙන කුඩා හුදකලා ප‍්‍රහාරයන් එල්ලකර තිබිණි. ඉන් පළමුවැන්න යාපනය නගරයේ කොකුවිල් හි දී ද, දෙවැන්න කයිට්ස් දූපතේ කුරුකඩ්ඩුවාන් ජැටිය අසලදී ද, තෙවැන්න කිලිනොච්චි හි පන්සල් භුමි පරිශ‍්‍රයේදී ද සිදුවිය. ඒ හැර පොලිස් ජංගම මුරයක් නෙල්ලිඅඩි හි දී ඉලක්කකොට ගෙන සිදුකළ ප්‍රහාරයක් ද, අනාකෝට්​ෙට් පොලිස් ස්ථානය ඉලක්කකොට ගෙන ප‍්‍රහාරයක් ද, පිළිවෙළින් එල්ටීටීඊ ය හා ප්ලොට් කල්ලි මගින් සිදුකර තිබුණි.   


එවකට තිබූ ආරක්‍ෂක තත්ත්වයට අනුව යාපනය අර්ධද්වීපයේ ත්‍රිවිධ හමුදාව සතුව පැවැතියේ කඳවුරු කිහිපයකි. එයට අනුව වැල්වෙටිතුරය, තොණ්ඩමනාරු හා මාදගල් යන ස්ථානයන් හි මුහුද ආශ්‍රිතව අනුඛණ්ඩ/කඳවුරු තුනක් ද අලිමංකඩ හා පුනරීන් යන ස්ථානයන් හි අනුඛණ්ඩ දෙකක් ද උතුරු ප‍්‍රදේශ ආඥා මූලස්ථානය හා ගුවන් හමුදා අනුඛණ්ඩය, පලාලි ගුවන් තොටුපොළ අසල ද උතුරු සමුද්‍රාසන්න කළාප අණදෙන මූලස්ථානය කරෙයිනගර් හි ද යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යාපනය නගරයට ආසන්නව ගුරුනගර් හි ද ස්ථාපිතව තිබිණි.   


​ෙව්ලාව උදේ 6 පැයයි. “හෙලෝ ඕල් ස්ටේෂන්ස්... චාර්ලි බ‍්‍රාවෝ... චාර්ලි බ‍්‍රාවෝ... චාර්ලි බ‍්‍රාවෝ... නෙට්න් කෝල්ස් එන්ඩ්... නෙට් නව්! හෙලෝ ඕල් ස්​ෙට්ෂන්ස්... සෙන්ඩ් යුවර් සිට්රෙප්... ඕවර්” ඒ, ගුරුනගර් ආරක්‍ෂක සේනා මූලස්ථානයෙනි. ඒ අනුව පලාලි හි උතුරු ආඥා ප‍්‍රදේශ මූලස්ථානය ඇතුළු කඳවුරු කිහිපයෙන් දිනපතා ලැබීමට නියමිත ‘සිට්රෙප්’ යන කෙටි නාමයෙන් හඳුන්වන ‘සිටුවේෂන් රිපෝට්’ හෙවත් ‘තත්ත්ව වාර්තාව’ ගුරුනගර් මූලස්ථානයට ලැ​ෙබ්. මේ දක්වා ලැබූ වාර්තාවලට අනුව ‘එන්.ටී.ආර්. ය. (නතින් ටු රිපෝට් - වාර්තා කිරීමට කිසිවක් නොමැත). උතුරේ ආරක්‍ෂක හමුදා අණදෙන මූලස්ථානය වන මෙහි බුද්ධි සේවාව, මූලස්ථාන මාණ්ඩලික සේවාව, පරිපාලන සේවාව, සැපයුම්, නඩත්තු හා ප‍්‍රවාහන සේවා යනාදී අංශ පිහිටුවා ඇත. මෙම මූලස්ථානය මගින් යාපන අර්ධද්වීපයේ හා වන්නි ප‍්‍රදේශයේ සැරිසරන සන්නද්ධ කල්ලි පිළිබඳ තොරතුරු රැස් කිරීම, එකී සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ගේ තිප්පොළවල් සොයා ගොස් ප‍්‍රහාර එල්ලකිරීම වැනි කාර්යයන් ඉටු කෙරිණි.   


පළමුවන ගැමුණු හේවා බළඇණියේ විශේෂ ක‍්‍රියාන්විත කාණ්ඩයක් හා කමාන්ඩෝ කාණ්ඩයක් අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා මෙම මූලස්ථානයට අනුයුක්ත කර තිබුණි. ලුතිතන් ‘එක්ස්රේ’ (රහස් නාමය) මෙම භට පිරිස් භාරව සිටි නිලධාරියාය. එතෙක් ලැබී තිබූ බුද්ධි තොරතුරුවලට අනුව සන්නද්ධ කල්ලි, පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් බෝම්බ ප‍්‍රහාර එල්ලකිරීමට සූදානමින් සිටියහ. එවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා විශේෂිතව ඒ සඳහා පුහුණුව ලත් පළමුවැනි ​ෙක්‍ෂ්ත‍්‍ර/සටන් ඉංජිනේරු ඒකකයෙන් බෝම්බ නිෂ්ක‍්‍රීය කණ්ඩායමක් ගුරුනගර්හි ස්ථානගත වුණි. ලුතිතන් මෙණ්දක සමරසිංහ මෙම කණ්ඩායම භාරව සිටි නිලධාරියා වූ අතර බෝම්බ නිෂ්ක‍්‍රීය කණ්ඩායමක් ක‍්‍රියාන්විත ප‍්‍රදේශයේ ස්ථානගත වූ පළමු අවස්ථාව ද මෙය විය.   


​ෙව්ලාව උදේ 06.15 පැයට පමණ ඇත. නාවුක හමුදා රථ පෙළ පොන්නාලේ කෝස්​ෙව්/දියමංකඩ මාර්ගයේ මධ්‍ය කොටසට පැමිණ ඇත. හදිසියේ රථ පෙළ ඉදිරියෙන් මාර්ගයේ දෙපස ගමන් කරමින් සිටි එළුවන් රෑනකින් කොටසක් මාර්ගය හරහා පනී. ක්‍ෂණයකින් රථ පෙළේ ඉදිරියෙන් ගමන් ගත් ජීප් රථය ධාවනය කළ නාවුක හමුදා රියදුරා තිරිංග පැඩලය පාගා රථය නවතා ගනී. ඒ සමඟම විශාල හඬක් නංවමින් කළු දුමාරයක් හා දූවිලි වලාවක් ඇතිකරමින් යමක් ජීප් රථය ඉදිරියේ පුපුරා යයි. දුමාරය හා දූවිලි පහව යත්ම මාර්ගයේ ගැඹුරු වළක් සෑදී ඇති බව ඉදිරි ජීප් රථයේ සිටි භට පිරිස දකී. නාවුක භට පිරිස ක්‍ෂණයකින් රථවලින් බැස ගනී.   


“මොකක්ද වුණේ පී ඕ?” ඒ පිරිසේ සිටි ලීඩ්න් සීමන්/ප‍්‍රධාන නැවිගේ කටහඬය. ඒ සමඟම පිරිසේ සිටි එක් නාවුක භටයෙක්” අන්න කවුද කට්ටියක් ඈතින් දුවනවා...” යනුවෙන් පවසයි. ආරක්‍ෂක භට පිරිස මාර්ගයේ ඉදිරි භූමිය පරීක්‍ෂා කිරී​ෙම්දී බිම්බෝම්බය පිපිරීමෙන් සෑදී ඇති ආවාටය දකී. සිදුව ඇත්තේ කුමක්ද යන්න සියලු අය නිමේෂයකින් වටහා ගනිති. රථ පෙළ අණදෙන්නා තම සංඥා උපකරණය මඟින් තත්ත්වය පිළිබඳව ක්‍ෂණිකව කරේයිනගර් මූලස්ථානය අමතා වාර්තා කරයි. සිද්ධිය වාර්තාවීමෙන් පසු අමතර නාවුක භටපිරිස් සමඟ නිලධාරීන් කිහිපදෙනෙකුහට අදාළ ස්ථානයට යන ලෙස උපදෙස් ලැ​ෙබ්.   


වේලාව – උදේ 06.45 පැයට පමණ ඇත. ස්ථානය - ගුරුනගර් ආරක්‍ෂක සේනා මූලස්ථානයයි. එහි බුද්ධි අංශයේ දුරකථනය නාද​ෙව්. “දේ හෑව් ඇක්ටිවේටඩ් අ ලෑන්ඩ්මයින් ටාගටින් අවර් කන්වෝයි... බට් නෝ කැෂුල්ටීස්...” ඒ ‘කොමිනෝත්’ ලෙසින් හඳුන්වන කරෙයිනගර් මූලස්ථාන කඳවුරේ උතුරු නාවුක කලාපය භාර අණදෙන නිලධාරිගෙන් බුද්ධි අංශයේ මේජර් ලයනල් බලගල්ල වෙත ලැබුණු දුරකථන ඇමතුමකි. නාවුක රථ පෙළ ඉලක්කකර බිම් බෝම්බයක් පුපුරවා ඇති බව හා ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ බව ද පුපුරා ගොස් ඇත්තේ එක් බිම්බෝම්බයක් බවත් පුපුරා නොගොස් ඇති බෝම්බ කිහිපයක් තව ඇති බවත් යනුවෙන් එම දුරකථන ඇමතුමෙන් ලත් පණිවිඩයෙන් කියැවිනි.   


වේලාව – උදේ 06.55 පැයට පමණ ඇත. සිවිල් ඇඳුමෙන් සැරසුණු ‘ගැමුණු’ හා ‘කමාන්ඩෝ’ භට පිරිසක් ජීප් රථ තුනකින් සිද්ධිය වූ ස්ථානය බලා පිටත්වේ. මෙම භට පිරිස් භාරව සිටි නිලධාරියා වූ ලුතිතන් ‘එක්ස්රේ’, බෝම්බ නිෂ්ක‍්‍රීය කණ්ඩායම භාර ලුතිතන් මෙන්දක සමරසිංහ හා බුද්ධි අංශයේ මේජර් ලයනල් බලගල්ල හා ​ෙම්ජර් සරත් මුණසිංහ ඇතුළු නිලධාරින්ගෙන් මෙම සමස්ත කණ්ඩායම සමන්විත වී ඇත. වේලාව –උදේ 07.15 පැයට පමණ ඇත. ගුරුනගර් වෙතින් පැමිණි යුද හමුදා භට පිරිස සිද්ධිය වූ ආසන්න ප‍්‍රදේශය පරීක්‍ෂාවට ලක්කරති. ඒ අතරතුර බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම පිපිරවීමට නොහැකිවූ බිම්බෝම්බ හාරා ඉවත්කර නිෂ්ක්‍රීය කිරී​ෙම් කාර්යයේ නිරතවෙමින් සිටී. බුද්ධි අංශ නිලධාරීහු මෙලෙස පිපිරවීමට තැත් කරන ලද බිම් බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු රැස්කිරීම සඳහා ඊට අදාළ විමර්ශනයේ යෙදී සිටිති.   


භූමි විමර්ශනයේ දී බිම්බෝම්බයට විදුලිය සැපයූ හොණ්ඩා වර්ගයේ ජෙනරේටරය හමු විය. ප‍්‍රහාරකයින් එය ඔවුන් සමඟ රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර නොහැකි වූ හෙයින් එය අතරමඟ දමා ගොස් ඇත. බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම මගින් පිපිරවීමට නොහැකි වූ පුපුරණ ද්‍රව්‍ය පිරවූ සිලින්ඩර් තුනක් හා ඊට සම්බන්ධ කර තිබූ වයරය සොයා ගනී. නිසි ලෙස විදුලිය අදාළ වයර් ඔස්සේ ගලා නොයෑම නිසා එකී සිලින්ඩර් තුන පුපුරවා හැරීමට අපොහොසත්වී ඇති බව වටහා ගැනේ.   

 

 

බුද්ධි තොරතුරු විමර්ශනයේ දී “​ෙම්ක වෙල් ප්ලෑන් මිෂන් එකක්” ... “හොඳ ​ෙව්ලාවට එඑවන් ටික පාරෙන් අනික් පැත්තට පැන්නේ”... “නැත්නම් ජීප් එක අහුවෙනවා පුපුරපු මයින් එකට” නිලධාරියෙක් එසේ කීය. “ඔව්! ඒ වගේම වාහන හතරම... මයින්ස් උඩට ආවට පස්සේ තමයි ඒ හතරම එකවර පුපුරවන්න සර්කිට් එක සෙට් කරලා තියෙන්නේ... ඒකට ඔවුන් හොඳට ජජ් කරලා තියනවා අපි වෙහිකල්ස් අතර සාමාන්‍යයෙන් තියාගෙන එන ගැප් එක... කොහොමහරි සර්කිට් එකේ තිබුණු ෆෝල්ට් එකක් නිසා මයින්ස් තුනක් පිපිරුවේ නැහැ” යනුවෙන් ​ෙම්ජර් සරත් මුණසිංහ එසේ විස්තර කළේය. සිදු කළ වැඩිදුර විමර්ශනයේදී සිද්ධිය වූ ස්ථානයට මීටර් 400 ක් පමණ ඈතින් නවතා තිබූ ‘මිට්සුබිෂී රෝසා’ (පුද්ගලික) බස් රථයෙන් ඔවුන් මූලායි දෙසට පලා ගිය බවට තොරතුරු හෙළිවිය. 

 
එල්ටීටීඊය පර්යේෂණ මට්ටමින් සිදුකළ මෙම පළමු බිම්බෝම්බ ප‍්‍රහාරය අසාර්ථක විය. බෝම්බ පිපිරවීමට අවශ්‍ය විදුලි වෝල්ටීයතාවය නිසිලෙස ලබා නොදීම මෙහි ප‍්‍රධාන ප‍්‍රශ්නය විය. කෙසේවුවද 1983 වර්ෂය ආරම්භයේ දී එල්ටීටීඊය ඊට විසඳුමක් සොයා ගනීි. ඒ සඳහා කන්කසන්තුරය සිමෙන්ති කම්හලෙන් එක්ස්ප්ලෝඩර් යනුවෙන් හඳුන්වන අතින් රැගෙන යා හැකි පිපිරවීම් යන්ත‍්‍ර 5 ක් ඔවුන් පැහැර ගත්හ. දිනය - 1983 මාර්තු 04 වැනිදාය. එල්ටීටීඊය තම දෙවැනි බෝම්බය අලිමංකඩ උමයාලපුරම් කෝවිල අසලදී පුපුරවා හරී. පිපිරවී​ෙම් යන්ත‍්‍රය භාවිතයෙන් බිම්බෝම්බය පුපුරුවා හැරියද අදාළ හමුදා ට‍්‍රක්රථය නිසිලෙස ඉලක්කගත කිරීමට ඔවුනට නොහැකි විය. තෙවැනිවරට එල්ටීටීඊය පුපුරුවා හරින්නේ බිම්බෝම්බ යුගලයකි. ඒ 1983 ජුලි 23 වැනිදා තිරුණ​ෙව්ලී හි දී (කළු ජූලියට තුඩු දුන් සෙබළුන් 12 ක් හා නිලධාරියෙක් මිය ගිය) රාත්‍රී ජංගම මුරයට ප‍්‍රහාර එල්ල කිරී​ෙම්දීය. එය ද ඔවුන් අපේක්‍ෂා කළ පරිදි සාර්ථක නොවිණි.   


1983 කළු ජූලියෙන් පසු සියලුම ප‍්‍රධාන සන්නද්ධ කල්ලි ඉන්දියාවට පැන ගියහ. කළු ජූලියේ අහිතකර ප‍්‍රතිඵල හේතුවෙන් දමිළ තරුණයන් සන්නද්ධ කල්ලිවලට බැඳීම හා ඔවුන්හට ඉන්දියාවේදී පුහුණුව ලබා දීම ඉන් අනතුරුව සිදුවූ හෙයින් ඊළඟ වසරේ අගෝස්තු මස තෙක් කාලය සිදුවීම්වලින් තොර වකවානුවක් බවට පත්විය.   


දිනය - 1984 අගෝස්තු 11 දාය. නිශ්ශබ්දතාව බිඳිමින් මන්නාර​ෙම් මුලන්ගවිල්හිදී හමුදා ජීප් රථයක් ඉලක්කකොට ගනිමින් බිම් බෝම්බයක් එල්ටීටීඊය පුපුරුවා හරී. එය ඉතා සාර්ථක ​ෙව්. කාලතුවක්කු ඒකකයේ සැරයන් අබුබකර් ඇතුළු සිව් දෙනෙක් ඉන් ජීවිතක්‍ෂයට පත්​ෙව්. පිපිරීම කොතරම් මාරාන්තික ද යන්න කිවහොත් ඒ සියලු අයගේ සිරුරු කොටස්වලට කැඩී වෙන්වේ. එල්ටීටීඊය මෙහිදී බෝම්බ පිපිරවීම සඳහා කුඩා පෙට්ටියක බහාලන ලද විදුලි පන්දම් කෝෂ 10 ක් උපයෝගී කරගෙන තිබුණි.   


එල්ටීටීඊය බිම්බෝම්බ භාවිතය, ඊට අදාළ ඉංජිනේරු තාක්‍ෂණය හා උපක‍්‍රම අතින් අනෙකුත් සන්නද්ධ කල්ලිවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියේය. ඒ අනුව ඔවුහු පස්වැනි වරටත් පොන්නාලේ කඩ්ඩුවාන්හිදී බිම්බෝම්බයක් පුපුරුවා හරිති. එහිදී එවකට උතුරු ආඥාපතිව සිටි කර්නල් ආරියප්පෙරුම කම්පනය හේතුවෙන් මිය ගියේය. ඒ 1984 නොවැම්බර් 19 වැනිදාය. පිපිරීම සිදුකළ ස්ථානයේ තිබී විදුලි පන්දම් කෝෂ සහිත පෙට්ටියක් සොයා ගැනිණි.   


“දිස් ලැන්ඩ්මයින් ත්‍රෙට් ඉස් ගොයින් ටු බී අ ​ෙම්ජර් වෝෆෙයාර් එගෙන්ස්ට් අස් ...” (​ෙම් බිම්බෝම්බ තර්ජනය අපට එදිරිව එන ප‍්‍රධාන යුදක‍්‍රමයක් වෙන්න යන්නේ) යනුවෙන් යුද හමුදාපති ​ෙම්ජර් ජෙනරාල් තිස්ස වීරතුංග, වරක් පලාලි හි පැවැති සාකච්ඡාවක දී පවසමින්, නිලධාරීන් වෙත අනතුරු ඇඟවීය.   


එහිදී හමුදාපතිවරයා බිම්බෝම්බවලට ඔරොත්තු දෙන දකුණු අප‍්‍රිකා​ෙව් නිෂ්පාදිත ‘බෆල්’ වර්ගයේ විශේෂිතවූ සන්නද්ධ රථ ගෙන්වීමට බලාපොරොත්තුවන බැව් ද පැවැසීය. එතෙක් හැකි තාක් දුරට ‘ෂෝර්ලන්ඩ්’ ‘හොට්ස්පර්’ වැනි වෙඩි නොවදින ආරක්‍ෂිත සන්නද්ධ ජීප් රථ භාවිතාකරන ලෙසට උපදෙස් දුනි (මෙම රථ, 1983 ජූලි 23 දින එල්ටීටීඊය විසින් රාත්‍රි ජංගම මුරය ඉලක්ක කොට තින්නවෙිලි හි දී සිදුකළ ප‍්‍රහාරයට පසු හමුදාව මිලදී ගත් ඒවා විය). එහෙත් එල්ටීටීඊයේ බිම්බෝම්බ, එකී රථවලට තර්ජනයක් ඇති කිරීමට වැඩි කලක් නොගියේය. දිනය - 1985 වර්ෂයේ අප්‍රේල් 28 දාය. යාපනය වඩමරච්චි කලාපයේ කරවඩ්ඩිහිදී ෂෝර්ලන්ඩ් රථයක් බිම්බෝම්බයකට හසු​ෙව්. සිංහ රෙජි​ෙම්න්තු​ෙව් ලුතිතන් දුෂාන් පෙරේරා ඇතුළු කිහිපදෙනෙක් මිය යති. පිපිරීමෙන් රථය ඉහළට විසිවී ගොස් පෙරළේ. මියගිය සියල්ල හෙල්මට් පැලඳ සිටියද ඔවුන්ගේ හිස් රථයේ වහලයේ වැදීමෙන් ඉතා දරුණු ලෙස තුවාල​ෙව්. (රථයේ ආරක්‍ෂක පටි පැලඳ සිටීමෙන් එසේ වීම වැළැක්විය හැකිය යන්න ප‍්‍රශ්නගතය). කෙසේවුවද පසුකලෙක, එනම් 1986 වර්ෂයේ දී ‘බෆල්’ රථ හඳුන්වා දුනි. එල්ටීටීඊය මෙම රථ ඉලක්කකර ගැනීම පිණිස පුපුරණ ද්‍රව්‍ය බාග ප‍්‍රමාණයේ පීප්පවලට පුරවා, ඒවායේ බලය තවත් වැඩි කිරීම පිණිස පුපුරා නොගිය අත් බෝම්බ, මෝටාර් බෝම්බ, රයිෆල් බෝම්බ වැනි දෑ එකතු කරමින් ඒවා බිම්බෝම්බ ලෙස භාවිතයට ගනු ලැබීය. 1990 දශකයේ දී ත‍්‍රිකුණාමලයේ තෝප්පූර් හා යාපනයේ මණ්ඩතිව්හි දී බිම්බෝම්බවලට ගොදුරුවූ ‘බෆල්’ රථවල ඇතැම් කොටස් සොයා ගැනීමට හැකි වූයේ පිපිරීගිය අාවාටයේ සිට මීටර් 75-100 ක් පමණ දුරකිනි.   


ග‍්‍රී ලංකා යුද හමුදා​ෙව් උසස් නිලධාරීන් බහුතරයක් මිය ගොස් ඇත්තේ බිම්බෝම්බවලට හසුවීමෙනි. පොන්නාලේ කඩ්ඩුවාන්හිදී කර්නල් ආරියප්පෙරුම, ත්‍රිකුණාමලයේදී බ්‍රිගේඩියර් විජේරත්න (පොලිස් අධිකාරී විජේසේකර ද ඔහු සමඟ විය), අරාලිහිදී ජෙනරල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විමලරත්න, ලුතිතන් කර්නල් ආරියරත්න, ලුතිතන් කර්නල් පලිපාන, ලුතිනන් කර්නල් ස්ටීවන්, නාවුක කපිතන් ජයමහ හා ​ෙම්ජර් අල්විස්, පූනරින්හිදී ලුතිතන් කර්නල් පුංචිහේවා මින් කිහිපදෙනෙකි.   


යුද, නාවුක, ගුවන් හා පොලිස් සාමාජිකයින් ගොඩබිම් මාර්ග භාවිතා කිරීම වැළැක්වීම පිණිස එල්ටීටීඊය යොදා ගත් ප‍්‍රබලම අවිය බිම්බෝම්බය විය. එය, විශේෂයෙන් ඒ 9 මාර්ගය භාවිතා කිරීම අත්හැරීමට හේතු වූ එක් සාධකයක් ද වුනි. එසේම, 1982 වර්ෂයේ සිට 1987 වර්ෂය දක්වා හමුදා හා පොලිස් සමාජිකයින්හට තුවාල හා මරණය සිදුකළ ප‍්‍රධාන අවිය එය විය. 1986 වර්ෂයේ දී ත‍්‍රිකුණාමලයේ තිරියාය හි දී නිවාඩු යමින් සිටි 6 ගැමුණු ඒකකයකට අයත් සෙසු නිලයින් තිස්දෙදෙනෙකු ගමන් කළ බස් රථයක් බිම් බෝම්බයකට හසු වීමෙන් ඔවුන් සියලු දෙන මිය ගියහ. බිම් බෝම්බයක් පුපුරායාම හේතුවෙන් වැඩිම සංඛ්‍යාවක් මියගිය සිදුවීම එයයි. බිම්බෝම්බය, සැබැවින්ම ග‍්‍රී ලංකා හමුදාවන් පමණක් නොව 1987 වර්ෂයේ සිට 1990 වර්ෂය දක්වා කාලය තුළදී උතුරු හා නැගෙනහිර සේවය කළ ඉන්දීය සාමසාධක හමුදාවට ද දැඩි තර්ජනයක් ඇති කළ අවියක් විය.   


බිම්බෝම්බය කොතරම් මාරාන්තික වුවද එයට නිසිලෙස හසු නො​ෙව් නම් ඉන් ​ෙබ්රීමට ඇති අවස්ථාවන් නැත්තේම නො​ෙව්. එවන් අවස්ථාවලට ලක්වූ රථ හා භට පිරිස් ඊට සාක්‍ෂි දරති. “ලෑන්ඩ්මයින්ස්වලට ඔරොත්තු දෙන සියයට සියයක් ආරක්‍ෂාව ලබා දෙන රථ නැහැ... ඒ සඳහා යොදා ගත හැකි ෆුල්පෲෆ් මෙතඩ් (පූර්ණ ආරක්‍ෂාව සහිත ක‍්‍රම) එකක් ද ලෝකයේ නැහැ... ​ෙම් වගේ තත්ත්වයකට ​ෙම් විදිහට මුහුණ දෙන අද ලෝකයේ සිටින එකම හමුදාව අපි වෙන්න පුළුවන්... ඒ නිසා හොඳම දෙය තමයි බිම්බෝම්බවලට හසුවීමෙන් වැළැක්වීමට ගන්නා උපක‍්‍රම... පුළුවන් තරම් අපි ඒවා හොයාගෙන... අත්හදා බලලා... සුදුසු පරිදි පාවිච්චි කිරීම...” 1985 වර්ෂයේ දී පලාලි හි දී නිලධාරින් හා භටපිරිස් අමතමින් එසේ ප‍්‍රකාශ කළේ ලුතිතන් කර්නල් විජය විමලරත්නයි.   


කර්නල්වරයා එසේ කියූදේ නිවැරදිය. බිම්බෝම්බය ක‍්‍රියාකරන්නාගේ ‘ඉලක්කයට’ හසු නොවන අයුරින්, උපක‍්‍රමිකව හා ​ෙව්ගයෙන් රථ ධාවනය කිරීමට හැකි නම් ඊට හසු වීම යම් තාක් දුරකට වැළැක්විය හැක. තවද බිම්බෝම්බ පමණක් නොව වෙනත් ඕනෑම ප‍්‍රහාරයක් වුවද යමෙකුට රිසි ඕනෑම ස්ථානයක එය සිදුකළ නොහැක. ඒ සඳහා, භූමියේ අදාළ සාධකයන් සපුරා තිබීම අවශ්‍ය වේ. ඒකී සාධකයන් දැන හඳුනාගෙන මාර්ග භාවිතාකළ අවස්ථාවන් හි දී බිම්බෝම්බ වළලා ඇති ස්ථාන සොයා ගැනීමට භට පිරිස්වලට හැකිවූ අවස්ථාවන් නැත්තේම නො​ෙව්.