IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉවත දමන විදුලි උපාංග පරිසරයට එකතු කරන විස

රසදිය විෂ වීම මෑතක සිට ශ්‍රී ලංකාව තුළ අසන්නට ලැබෙන සෞඛ්‍යමය තර්ජන තත්ත්වයකි. CFL විදුලි බුබුළු භාවිත කිරීමට ව්‍යාප්ත වීමත් සමග රසදිය විෂ වීමේ තර්ජනයට මුහුණ දීමට සිදුවිය. CFL විදුලි බුබුළු භාවිත කිරීමේදී රසදිය විෂ වීමකට මුහුණ දෙන්නේ නැත. නමුත් ඉවතලන CFL විදුලි බුබු කැඩී බිඳි ගිය විට එහි අභ්‍යන්තරයේ ඇති රසදිය බාහිර පරිසරයට එකතු වෙයි.   


රසදිය විෂ වීම නිසා ස්නායු පද්ධතියෙහි අර්බුද තත්ත්වයන් ඇති වෙයි. ඇස් වලට පෙණහලු වලට වකුගඩු වලට පමණක් නොව ආහාර ජීර්ණ පද්ධතියට ද එමගින් හානි සිදුවෙයි.   
ශ්‍රී ලංකාව තුළ ඊයම් විෂ වීම ද මෑතක සිට දක්නට ලැබෙන තත්ත්වයකි. පෙට්‍රල් වල බැටරි වල සහ සමහර තීන්ත වර්ග වල ඊයම් අන්තර්ගතව ඇත. ඊයම් ඉතාමත් දරුණු ලෙස මිනිස් ස්නායු පද්ධතියට හානි කරයි.   


ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා සිදු වෙන විෂවීම් ද මෑතක සිට ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නටලැබෙයි. පාලනයකින් තොරව ඉලෙක්ට්‍රොනික භාණ්ඩ පරිහරණයට නැඹුරු වීම සහ අවිධිමත් ලෙස ඒවා බැහැර කිරීම එම තත්ත්වයට හේතු වී ඇත.   


කැතෝඩ කිරණ රූපවාහිනි. කැතෝඩ කිරණ මොනිටර් තොරතුරු හුවාමරු තාක්ෂණ භාණ්ඩ බැටරි වර්ග අබිලි ද්‍රව්‍ය ලෙස විශාල වශයෙන් පරිසරයට මුදා හැරෙයි. එම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ විදුලි භාණ්ඩ වල ඇති සියුම් කොටස් සහ ප්ලාස්ටික් වර්ග වල සංඝටකයන් වු කැඩිමියම් ලෙඩ් රසදිය ආසනික් බ්‍රෝමොනිකෘත ද්‍රව්‍ය ඉතාමත් අහිතකර ලෙස මිනිස් සිරුරට බලපායි.   


ඇඳුම් ක්ෂණිකව සහ පහසුවෙන් සේදීමටත් ඕනෑම තද කුණු පැල්ලමක් ඉක්මණින් ඉවත් කර ගැනීමටත් රෙදි සේදුම් කුඩු සහ රෙදි මෘදුකාරක භාවිත කරමු.   
අපේ රටේ ආසන්න වශයෙන් පවුල් ලක්ස පනහක් පමණ සිටිති. මෙයින් පවුල් ලක්ෂ තිහක් පමණ රෙදි සේදන කුඩු භාවිතා කරති. එක පවුලක් සතියකට රෙදි සෝදන කුඩු ග්‍රෑම් තිහක් භාවිතා කළ හොත් වසරක දී රෙදි සෝදන කුඩු කිලෝ ග්‍රෑම් ලක්ෂ හතළිහක් පමණ පරිසරයට මුදා හැරේ.   


සේදුම් කාරක කුඩු සහ දියර යනු විවිධ රසායනික ගුණ සහ ප්‍රතිපල ලබා දීමට හේතු වෙන රසායනික සංයෝග මිශ්‍රණයකි. සේදුම් කාරක බොහෝමයක කුණු පැල්ලම් ඉවත් කිරීමට ඉවහල් වෙන ප්‍රධාන රසායනිකය BENZENE හෝ SODIUM SULFONATES ය. සුලභ විරංජකයක් වූ සෝඩියම් හයිෆොක්ලෝරේට් ද, ෆිනෝල් සංයෝග ද සේදුම් කාරක වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහාත් හොඳින් දියවීම සඳහා පෝස්පේට් සංයෝග ද භාවිතා කෙරේ. සේදුම් කුඩු වර්ග අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමේදී  අතුරු ඵලයක් ලෙස නිපද වෙන ඩයොක්සීන් ද සේදුම් කුඩුවල අන්තර්ගතය . මේවා බොහෝ විට මිනිසාට අහිතකරය.   


සේදුම් කාරක කුඩු සහ දිය ශරීර ගත වීමෙන් සම මත වියළීම පැළීම් වැනි සමේ ආසාත්මිකතා ඇති වෙන අතර ඉරුවාරදය ඇති වීම. සොරයිසීස් පණු කැවිලි, ශ්වසන ආබාධ ඇඳුම අක්මාවට මොළයට සහ ස්නායු පද්දතියට හානි සිදු වීම සහ පිලිකා ඇති වීම සිදුවිය හැක.   


වෛද්‍ය විශේෂඥයින් වැඩිදුරටත් පවසන්නේ එම ඒවා එසේ විස්තර වුවන් ඒවා භාවිතා කළ පමණින් එවැනි රෝග ඇති වීමට සියයට සියයක සම්භාවිතාවක් නැති බවය. ප්‍රවේණිය අනුව සමහරුන්ට එම තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දිය හැක. ප්‍රවේණිය අනුව සමහරුන් එම රෝග තත්ත්වයනට ගොදුරු විය හැක. ඒ කෙසේ වෙතත් වෛද්‍ය ක්ෂේත්‍රයෙහි සුවිශේෂ ආදර්ශ පාඨයක් ඇත.   


එනම් ප්‍රතිකාරයකට වඩා පරිස්සම යහපත් බවය.   


ඔබට සිදු වෙන ඕනෑම විෂ වීමක් පිළිබඳ තොරතුරු කොළඹ ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ 0112686143 දුරකථන අංකයට කතා කිරීමෙන් ලබා ගත හැක. 

 

පීටර් කැනියුට් පෙරේරා  



අදහස් (0)

ඉවත දමන විදුලි උපාංග පරිසරයට එකතු කරන විස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site