
දරුවන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා චීනය අපූරු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබේ. චීන රජය විසින් පනවා ඇති වීඩියෝ ක්‍රීඩා ඇඳිරි නීතිය හැම අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා සමාගමක් විසින්ම පිළිපැදිය යුතුය. ලෝකයේ වීඩියෝ ක්‍රීඩා දැවැන්තයා වන ටෙන්සෙන්ට් සමාගමට ද මෙම ඇඳිරි නීතිය අදාළ වේ.
එම නව නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු කිසිවෙකුට රාත්‍රී 10ත් උදෑසන අටත් අතර කාලයේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල යෙදීම තහනම් ය. සතියේ දිනවල ක්‍රීඩා සඳහා අවසර ලැබී තිබෙන්නේ විනාඩි 90ක කාලයකට ය. සති අන්තවලදී සහ රජයේ නිවාඩු දිනවලදී, ඒ කාලය දවසකට පැය තුනකි.
කුඩා දරුවන් අන්තර්ජාල ක්‍රීඩා සඳහා කරන ගෙවීම් ද සීමා කර ඇත. අවුරුදු අටත්, 16ත් අතර වයස්වල පසුවෙන දරුවන්ට ඔන්ලයින් ක්‍රීඩා සඳහා මාසයකට ගෙවිය හැකි උපරිමය යුවාන් 200ක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5000 ගණනකි. 16 සිට 18 දක්වා වයස්වල පසුවෙන්නන්ට ගෙවිය හැකි උපරිමය රුපියල් 10,000 ගණනකි.
වීඩියෝ ක්‍රීඩා සඳහා ලොව ලොකුම වෙළෙඳපොළ වන්නේ ද චීනයයි.
සින්හුවා පුවත් ඒජන්සියට අදහස් දක්වමින් චීන රජයේ නියෝජිතයෙක් කියා සිටියේ අන්තර්ජාල අවකාශය ඉතිරිකරගැනීම සහ කුඩා දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ඉහත පියවර ගත් බවයි. චීන පාලනාධිකාරිය මෙම වැඩපිළිවෙළ යථාර්ථවාදී එකක් වීම පිණිස අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර වීඩියෝ ක්‍රීඩා සඳහා සැබෑ නමින් ලියාපදිංචි විය හැකි අයුරින් චීන පොලිසිය සමඟ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, කිසියම් ක්‍රීඩකයෙකුගේ නම බලා, ඔහුගේ අනන්‍යතාව රජයේ දත්ත බැංකුවෙන් හඳුනාගැනීමේ හැකියාව ලැබේ.
පසුගිය වසරේ අගෝස්තුවේදී ද නව ඔන්ලයින් ක්‍රීඩා ලියාපදිංචිය සීමා කරන්නට චීන රජය කටයුතු කළේ යොවුන් වියේ පසුවෙන්නන් හා දරුවන්ගේ ඇස් පෙනීමේ දුබලතා හේතුවෙනි.
වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහිවීම ‘ඉන්ටර්නෙට් ගේමින් ඩිසෝඩර්’ හෙවත් අන්තර්ජාල ක්‍රීඩා ආබාධය යනුවෙන් හැඳින්වෙන අතර පසුගිය වසරේ ජූනි මාසයේදී එය නිල වශයෙන් පිළිගත් රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික රෝග වර්ගීකරණයට ඇතුළත් විය.
අධ්‍යාපනය ලබන වයසේ පසුවෙන අන්තර්ජාල ක්‍රීඩාවල නිරතවන්නෙක් අධ්‍යාපන කටයුතු පසෙක දමා ක්‍රීඩාවල නිරත වන්නේ නම් සහ වැඩිහිටියෙක් පවුල් ජීවිතය හා සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු අතපසු කර ක්‍රීඩා කරන්නේ නම් එය අන්තර්ජාල ක්‍රීඩා ආබාධය වැලඳී ඇතැයි පෙන්වන සාධකයකි.
2018 චීන විශ්වවිද්‍යාලයකින් කළ පර් යේෂණයක් අනුව මෙවැනි ක්‍රීඩා සඳහා වැඩි වශයෙන් ඇබ්බැහි වන්නේ පිරිමින් බව අනුමාන කරයි.
අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනාගත පරපුර වෙනුවෙන් වීඩියෝ ක්‍රීඩාවලට වැට බඳින චීනය
චරිත අතපත්තු Sunday, 17 November 2019 01:58 AM
චීනය විසින් ගනු ලැබූ මෙම තීරණය කාලෝචිතය. මෙය අපේ රටේද අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කළ යුතුය. අප බහුතරයක් දෙනා කෙතරම් තාක්ෂණික ඥානයෙන් සන්නද්ධ වූවත් එය භාවිතා කිරීම සම්බන්ධයෙන් පවතින ආචාර ධර්ම සහ සීමා පිළිබඳව නොදන්නා හෙයිනි.
සරත් ලන්දගේ Sunday, 17 November 2019 11:29 AM
අපේ දරුවන් වෙනුවෙන් අපේ රටෙත් මෙවැනි දේ අනිවාර්යෙන්ම කළ යුතුයි.