IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)


හෙරොයින් ග්‍රෑම් අටක් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (05) ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

මීට වසර 07 කට පෙර කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 8.09 ක් ජාවාරම් කළ බවට වු චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේ පදිංචි සංගර් කදීෂ්වරන් නමැත්තෙකුටය.

2011 සැප්තැම්බර් මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 8.09 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් කොළඹ  ෆර්ගියුෂන් පාර ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී හෙළි විය.

විත්තිකරුට එරෙහි හෙරොයින් ළඟ  තබාගැනීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කොට ඔහුට ඒ සඳහා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කළේය.



අදහස් (0)

හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site