(නිශාන්ත කුමාර)
ගබඩා කිරීමේ බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී අයුරින් වැලි කියුබ් 20 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටි බතලයාය ප්‍රදේශයේ පුද්ගලයකු එම වැලි තොගය ද සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් කොලළොංගස්යාය, දුම්කලවත්ත, බතලයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.
නීතිවිරෝධී අයුරින් වැලි තොගයක් ගබඩා කරගෙන සිටින බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සහ වැලි තොගය පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු ඇප මත මුදා හැරීමට නියමිත අතර ඔහුට විරුද්ධව නඩු පවරන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd