IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හම්බන්තොට ධීවර වරායේ මත්කුඩු විකුණූ 2 ක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

හම්බන්තොට ධීවර වරායේ හෙරොයින් මත් කුඩු අලෙවි කිරීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 935ක් සමඟ තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සමගිපුර පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු හා හම්බන්තොට කෝවිල්වත්ත පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

හම්බන්තොට ධීවරවරාය තුළ සිට පුද්ගලයෙකු හෙරොයින් මත් කුඩු අලෙවි කරන බවට කොට්ඨාස අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 485 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට අනුව හම්බන්තොට සමගිපුර පදිංචි පුද්ගලයෙකුද හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 450ක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා කලයක සිට හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු යන ධීවරයන් සඳහා හෙරොයින් මත් කුඩු අලෙවි කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ෂණ සඳහා හම්බන්තොට පොලිසියට බාර දි ඇති අතර සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හම්බන්තොට ධීවර වරායේ මත්කුඩු විකුණූ 2 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 87 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site