(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
උණවටුන යද්දෙහිමුල්ලේ පිහිටි සංචාරක හෝටල් හිමිකාරියගේ ගෙල කපා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැපපිට පුද්ගලයින් පස් දෙනෙකු අද (22) අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පැවසීය.
පසුගිය 10 වැනිදා අලුයම මෙම ඝාතනය සිදුවී ඇති අතර සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ නිලුකා චාමලි නැමැති 34 හැවිරිදි කාන්තාවකි.
මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙදෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝවෙති.
ඝාතනය සඳහා යොදා ගන්නාලද මන්න පිහියක් , ගිනි අවියක් සැකකරුවන් අපරාධය සිදු කිරීම සඳහා පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එදින රාත්‍රී 12.10 ට පමණ යතුරු පැදියකින් හෝටලයේ ආපන ශාලාවට පැමිණි දෙදෙනෙකු ඇයගේ උකුලේ සිටි හත් හැවිරිදි දරුවා පසෙකට ඇද දමා පළමුව ඇයගේ ගෙල කපා බිමට වැටුන පසු වෙඩි පහරවල් කිහිපයක්ද එල්ලකර පලාගොස් ඇති බව පොලිසිය කීය.
සැකකරුවන් අතර විශේෂ කාර්ය බලකායේ සේවය කරමින් සිට සේවය අත්හැර ගිය අයෙකුද වන අතර ඔහු ප්‍රභූ ආරක්ෂක පුහුණුව ලැබූ අයෙකු බවද ඝාතනයේ වෙඩික්කරු හැටියට ක්‍රියා කර ඇත්තේ ද එම පුද්ගලයා බවද අනාවරණයවී ඇති බව පොලිසිය සඳහන් කළේය.
ජී.පී.එස්.තාක්ෂණය යොදා ගනිමින් සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරමින් සිදු කරන ලද පරීක්ෂණ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදු කරන ලද එකක් වන අතර පසුගිය වසරේ ජූනි මාසයේ විදේශ ගතව සිටින මියගිය කාන්තාවගේ සැමියා විසින් ඇය ඝාතනය කිරීමට සඳහා වෙනත් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 30 ක කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණත් කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයා විසින්ම ඒ බව ඇයට පැවසීම නිසා ඝාතනය වැළකි ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
692
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටල් හිමිකාරියගේ ඝාතනයට සැකපිට 5 ක් අත්අඩංගුවට