IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


හිටපු මහ බැංකු අධිපතිට ගෞරව සම්මානයක්

(මනුල වික්‍රම)

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් ‘‘ දේශ කීර්ති ලංකා පුත්‍ර ‘‘ ගෞරව සම්මානය  පිරණැමිණි.

අනුරාධපුර රුවන්මැලි චෛත්‍ය මළුවට වැඩම කළාවු දහස් නමක් භික්ෂූන් ඉදිරිපිටදී මෙම සම්මානය පුද කෙරුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගලපිටියාගම විමලධම්ම නාහිමියන් අතිනි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූර කාලය තුළ රටේ ආර්ථිකය නැංවිම හා රට මුහුණ දුන් අභියෝග  හමුවේ යහපත් මූල්‍ය කලමනාකාරණයක් සිදුකරමින් ඉටුකළා වූ මෙහෙවර වෙනුවෙන් ඒ මහතාට උපහාර ලබාදීම හා එවැනි සේවාවන් වෙනුවෙන් ආදර්ශයක් ලබාදීම මෙම සම්මානය පිරිණැමිමේ අරමුණ බව මහ සංඝරත්නය අවධාරණය කළහ.

අමරපුර මහ  නිකායේ අනුනායක බෙංගමුවේ  නාලක,රාමඤ්ඤ සම නිකායේ  නියෝජ්‍ය ලේඛකාධිකාරී  නැදලගමුවේ විජයමෛත්‍රී,රුවන්මැලි චෛත්‍යාරාමාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන,අභයගිරි විහාරාධිකාරී ආචාර්ය කල්ලංචියේ රතනසිරි,ලංකාරාමාධිකාරී උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණසංඝනායක රැලපනාවේ ධම්මජෝති, අභයගිරි පූර්වාරාමාධිපති රාමඥ්ඤමහා නිකායේ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී පොතානේ ධම්මානන්ද ,අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති උතුරු උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරුන් ද මෙමඅවස්ථාවට වැඩමකර සිටියහ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ,පාරිල්මේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන,ශෙහාන් සේමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා යන මහත්වරු ඇතුළු විහාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 



අදහස් (10)

හිටපු මහ බැංකු අධිපතිට ගෞරව සම්මානයක්

කල්‍යාණ Friday, 23 August 2019 05:03 PM

ඔය සම්මාන ඔයතරම් හෑල්ලු කරන්න එපා. ඔහු පිරමීඩ වංචාව (ගෝල්ඩ් ක්‍රෙස්ට්) හෙජින් ගිවිසුම වගේ දේවල් කරලා මේ රටට පාඩු කල පුද්ගලයෙක් .

:       0       0

ලුම්බිණි Saturday, 24 August 2019 02:37 AM

හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වාටත් ගෞරව සම්මානයක් දුන්නා නම් නේද හොඳ හාමුදුරුවනේ ?

:       0       0

Anura Saturday, 24 August 2019 02:58 AM

මෙතුමාගේ කාලයේ සිදුවූ වංචා දුෂණ ගැන පුවත්පතකින් වත් දැකල නැත්ද ?

:       0       0

kumarage Saturday, 24 August 2019 04:33 AM

අපරාදේ අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනල ගියේ...

:       0       0

සැම් Saturday, 24 August 2019 06:47 AM

මේවා දැක්කම එපා වෙනවා. මෙයාලට තියන චෝදනා නොදැක්ක වගේ සම්මාන දෙන එක ජාතික අපරාධයක් . අද ඒවා හොයන එක යට ගිහිල්ලා.

:       0       0

Ranjith Saturday, 24 August 2019 07:08 AM

හොරුන්ටත් සම්මාන දෙන රටක් මේක .

:       0       0

liyanage Saturday, 24 August 2019 07:49 AM

දූෂකයන්ටත් සම්මාන දෙන රටක්. සංඝයා වහන්සේලාට ධර්මය තුලින් කළහැකි දේ තිබියදිත් සම්මාන හෑල්ලුවට ලක් කරනවා . කොසොල් රජු දැකපු සිහින වගේ .

:       0       0

rattharan Saturday, 24 August 2019 08:41 AM

හොරුන්ටත් ‘‘ දේශ කීර්ති ලංකා පුත්‍ර ‘‘ ගෞරව සම්මානය පිරිනැමෙන එකම රට .

:       0       0

nimal Saturday, 24 August 2019 10:51 AM

ඔබතුමාලා කරපු දේවල්වල හැටිය මෙහෙම කරල මදි . ඔබතුමන් ලා පත් කරාට අපිටයි උල තියන්න ඕනේ . රටට ගිය කලක් .

:       0       0

රොමේෂ් Sunday, 25 August 2019 05:42 AM

මේවට අඩන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1276 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1228 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site