(අජිත්ලාල් ශාන්තඋදය
කලවාන, කුඩව, සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ගේට්ටුවට මීටර් 300ක් පමණ දුරින් සිංහරාජ වනාන්තරයට මායිම්වන දොරණ ඇළ ආසන්නයේ වගාව සඳහා රජයෙන් බලපත‍්‍ර ගත් ඉඩමක නිසි අවසරයක් නොමැතිව බැකෝ යන්ත‍්‍රයක් යොදා පස් කපා ප‍්‍රවාහනය කිරීමේ ක‍්‍රියාවක් නැවැත්වීමට ක‍්‍රියාකළ බව සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය.
කුඩව, වතුරාව සිංහරාජ පිවිසුම් ගේට්ටුව ආසන්නයේ ඉඩමක පස් කපා ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් සම්බන්‍ධයෙන් කුමන පියවරක් ගෙන ඇද්ද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් වනපාලකවරයා මේ බව පැවසීය.
සිංහරාජ වනාන්තරය නැරඹීමට එන සංචාරකයන්ට නවාතැන් සපයන ලැගුම්හලක් ඉදිකරන කුඩව ප‍්‍රදේශයේ භූමියක් පිරවීමට මෙම ස්ථානයේ කැපූ පස් ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම නියෝගය කළ බවද වනපාලකවරයා කීවේය.
මේ පස් කැපීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් පුලූල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන කලවාන අඩවිවන නිලධාරීවරයාට ලෙස දැනුම් දුන් බවද වනපාලකවරයා පැවසීය.
‘‘තේ වගා කරන්න බලපත‍්‍ර ලබාගත්ත සිංහරාජයට මායිම්වන දොරණ ඇලට යාබද ඉඩමකයි මේ ආකාරයට බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන පස් කපලා තියෙන්නේ. එවැනි වගාකිරීමට බලපත‍්‍ර ලබාගත්ත ඉඩමක පස් කපනවානම් ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් නිසි අවසරයක් ගත යුතුයි.
මේ කියන රජයේ ඉඩම තියෙන්නේ සිංහාරජ වනාන්තරයට පිවිසෙන වතුරාව ප‍්‍රධාන ගේට්ටුවට මීටර් තුන්සියයක් පමණ ආසන්නයෙන්.’’ සිංහරාජ වනපාලක අජිත් ජයසිංහ මහතා අවධාරණය කළේය.



2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිංහරාජ මායිමේ ඉඩමක අවසරයකින් තොරව පස් කැපීම තාවකාලිකව නවත්වයි