IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සේවිකාවකට හමුදා සෙබළෙක් පිහියෙන් අනී

(ඩී.ජී.සුගතපාල)

 

හබරාදුව නගරයේ වෙළඳසලක් තුළදී එම වෙළඳසලේ සේවිකාවකට යුද හමුදා සෙබලෙකු  විසින් අද (10) දහවල් පිහියෙන් ඇන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

තුවාල ලැබූ තරුණිය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා ඇත්තේ අහංගම කතලුව පදිංචි 17 හැවිරිදි තරුණියකි.

ඇය හබරාදුව නගරයේ රෙදිපිළි වෙළඳසලක සේවය කරන අතර මෙයට වසර එකහමාරකට පමණ පෙර නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත් පසුව ඇය වෙනත් තරුණයකු සමඟ සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් කෝපයට පත් හමුදා සෙබලා මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු බම්බලපිටිය යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු වන අතර ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

තුවාලකාරියගේ තත්වය බරපතල නොවන බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (1)

සේවිකාවකට හමුදා සෙබළෙක් පිහියෙන් අනී

Pradeep Sunday, 10 November 2019 04:43 PM

නිල ඇදුමේ ගෞරවය තියන්න මලේ. ඕක හැමෝටම අදින්න ලැබෙන්නේ නෑ. රට වෙනුවෙන් ජීවිත පූජා කල විරුවන්ටත් අපහාසයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6125 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 315 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site