(ඩී.ජී.සුගතපාල)
හබරාදුව නගරයේ වෙළඳසලක් තුළදී එම වෙළඳසලේ සේවිකාවකට යුද හමුදා සෙබලෙකු විසින් අද (10) දහවල් පිහියෙන් ඇන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
තුවාල ලැබූ තරුණිය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා ඇත්තේ අහංගම කතලුව පදිංචි 17 හැවිරිදි තරුණියකි.
ඇය හබරාදුව නගරයේ රෙදිපිළි වෙළඳසලක සේවය කරන අතර මෙයට වසර එකහමාරකට පමණ පෙර නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත් පසුව ඇය වෙනත් තරුණයකු සමඟ සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් කෝපයට පත් හමුදා සෙබලා මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු බම්බලපිටිය යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු වන අතර ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තුවාලකාරියගේ තත්වය බරපතල නොවන බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇදුමේ ගෞරවය තියන්න මලේ. ඕක හැමෝටම අදින්න ලැබෙන්නේ නෑ. රට වෙනුවෙන් ජීවිත පූජා කල විරුවන්ටත් අපහාසයක්...