IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සීල් මත්ස්‍යයින්ට හිරිහැර නොකරන්නැයි ධීවරයන්ට උපදෙස්

(ඩී.ජී.සුගතපාල සහ ජී. ඩබ්ලිව්. ප්‍රේමතිලකද සිල්වා)
 
මේ දිනවල ගාල්ල අවට මුහුදුතීරයට සීල් මත්ස්‍යයින් පැමිණෙන බැවින්, එම මත්ස්‍යයින්ට හිරිහැර නොවන ලෙස ධීවර කටයුතුවල නිරතවන ලෙස ධීවරයින් දැනුවත් කර ඇති බවත් හික්කඩුව වනජීවී උද්‍යාන භාරකරු උත්පල අදාරංග මහතා අද(28) පැවසීය.
 
ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්වීම පැවැත්විණි.
 
අදාරංග මහතා වැඩිදුරටත් කියාසිටියේ මෙම මත්ස්‍යයා දක්ෂිණ ද්‍රවයේ සහ ආක්ටික් කලාපීය මුහුදේ සිටින සත්වයෙකු බවත්, ස්වාභාවික හේතු මත ගාල්ල මුහුදු තීරයට සංක්‍රමණය වන්නට ඇති බවත්ය.
 
ධීවර කටයුතුවලදී භාවිත කරන දැල්වලට හසුවීමෙන් සීල් මත්ස්‍යයින්ට හානි සිදුවීමට ඉඩ ඇති නිසා, අවධානයෙන් එම කටයුතුවල යෙදෙන්නැයිද, ඔවුන්ව ඇල්ලීමෙන් වළකින්නැයිද, සීල් මත්ස්‍යයින්ට අනතුරක් සිදුව ඇත්නම් වහාම තම ආයතන දැනුවත් කරන්නැයිද, ඒ මහතා සඳහන් කළේය.
 
පළමු වරට මෙම සීල් මත්ස්‍යයා මිහිරිපැන්න ප්‍රදේශයේදී දක්නට ලැබූ අතර පසුව, උණවටුන, මිදිගම දළවැල්ල යන ප්‍රදේශවලදීද දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා  මුහුදු තීරයේදී සීල් මත්ස්‍යයින් දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, අත්ලාන්තික් සාගරයේ සිට ගසාගෙන එන්නට ඇති බවට සැක කෙරේ‍. ඉතා ශීත රටවල ජීවත්වන සීල්මත්ස්‍යයාට ගැඹුරු ජලයේ වේගයෙන් පිහිනායෑමේ හැකියාවක් ඇත. මිනිස් ජීවිතවලට කිසිදු හානියක් නොකරන මෙම සත්වයා හොඳින් වැඩුණු පසු කිලෝ 1000 ක පමණ බරකින් යුක්ත වන අතර, ආයු කාලය අවුරුදු 20-30ත් පමණ වෙයි.



අදහස් (0)

සීල් මත්ස්‍යයින්ට හිරිහැර නොකරන්නැයි ධීවරයන්ට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site