IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සුගන්දිරපුරම් ප්‍රදේශයෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි

(සිතුම් චතුරංග)

මුලතිව් ,පුදුකුඩිඉරිප්පු, සුගන්දිරපුරම් හි ඉඩමකතිබී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය ‍තෙවැනි දිනටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස් කබලක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් අද (29) සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.

මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඉලන්ගෝවන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් කැනීම් ආරම්භ  කරනු ලැබූ අතර එහිදී ඇදුමක කොටස් කිහිපයක් , ගෙල පළදින නූලක්, සුරයක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක්ද හමුව තිබේ.

කැනීම් කටයුතු හෙට (30) සිව්වන දිනටත් සිදුකරන බවත් අදාළ ස්ථානය තුළ තවත් අස්ථි කොටස් කිහිපයක් මතුපිටට පෙනෙන්නට ඇති බවත් මුලතිව් පොලිසිය පවසයි.

අස්ථි කොටස් සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට එළඹි නොහැකි බවත් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බවද මුලතිව් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මුලතිව් පුදකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් එස්.නගුලේශ්වරන් නැමැත්තෙකු සිය වගාවන් වෙනුවෙන් ඉඩම සකස් කිරීමේදී එහ ඉඩමේ ගසක් පාමුල තිබි ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත කැනීම් කටයුතු සිදුකෙරිණ.

මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාළ ස්ථානය කැනීම් තවදුරටත් සිදුකරන බවද පොලිසිය පැවසීය.

අදාළ ස්ථානයෙන් විවිධ ප්‍රමාණයේ අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර අදාළ අස්ථි වෝහාරික පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

 

 

 



අදහස් (0)

සුගන්දිරපුරම් ප්‍රදේශයෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 610 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site