IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න ගිය එස්ටීඑෆ් නිලධාරියාට අලි ප්‍රහාරයක්

රොමේෂ් මධුෂංඛ
 
වැලි ජාවාරමක් අත්අඩංගුවට ගැනීමට ගිය මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසකට වන අලි පහරදීමකින් පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාන්කුලම් පොලීසිය පවසයි.


මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ 15 කිලෝමීටර් කණුව අසල පිහිටි කැලෑවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ වැටලීමකට ගොස් ඇත්තේ අනවසර වැලි ජාවාරම් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුවය. 


පසුව කැලෑවේ පිහිටි ඇලක් ආසන්නයේ දී එක්වරම පැමිණි වන අලියකු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් පසුපස පන්නා ඇති අතර එහිදී වන අලියාගේ පහරදීමකින් පොලිස් පරික්ෂකවරයා තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.


රෝහල් ගත කෙරුණු මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා  කඳවුරේ දෙවැනි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.එම්.එස්.ඩී දිසානායක මහතාගේ තත්ත්වය බරපතල නොවන බවට කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේය.

 



අදහස් (1)

වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න ගිය එස්ටීඑෆ් නිලධාරියාට අලි ප්‍රහාරයක්

SHAN SAUDI Sunday, 01 July 2018 05:02 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site