(එස්. ඩී.කොඩිකාර)
කොටපොළ ප්‍රදේශයේ දී වරෙන්තු 10ක් ඇති පුද්ගලයෙකු අද (30) පලා යමින් සිටියදී පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිගුරුපනාගල, කොටපොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
සැකකරු ගෙවල් බිඳුම් සහ දේපළ සොරකම් කිරීම් සම්බන්ධයෙන් කනංකේ, අකුරැස්ස, මාතර, තිහගොඩ, පිටබැද්දර, මොරවක, දෙනියාය, කොස්මෝදර පොලිස් ස්ථානවලට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් මාතර, ගල්දොල අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd