(ජයරත්න වික්‍රමාරච්චි)
විල්පත්තුව ජාතික උද්‍යානයට අයත් විලච්චිය වන සත්ව අඩවියට නීති විරෝධීව ඇතුළු වී නිදන් හාරමින් සිටි බව කියන පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී එම සැකරුවන් සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා විලච්චිය රෝහලට ඇතුළත් කළ බව විලච්චිය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
විලච්චිය වනසත්ව අඩවි ආරක්ෂක ආර්.ඩී. ඩී.එම්. ජයවීර මහතා සහ වන සත්ව කේෂ්ත්‍ර සහයක ලසන්ද සිල්වා යන අය මෙසේ රෝහල් ගත් කළ බවද එම කාර්යාලය පවසයි.
කිසියම් පිරිසක් අදාළ ප්‍රදේශයේ කැණීමක් සිදුකරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටළිමක් කළ බවත් එම අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීමට යාමේ දී මෙම පහරදීම සිදුවූ බවත් එම කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් මෙහිදී පොළොව කැණීම සදහා යොදා ගෙන තිබූ උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවත් එසේ අත් අඩංගුවට ගත් සැකකරු ලබාදුන් තොරතුරු මත සෙසු සැකකරුවන්ද අත් අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැටලීමකට ගිය වන නිලධාරීන්ට ප්‍රහාරයක්