
(ඩබ් ඒ පියතිලක)
ලංකාපුර පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ කුමුක්කන් ආරු පාලම අසළදී අද (4) දින සිදු වූ ලොරි සහ යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ තල්පොත පදිංචිව සිටි අසංක අමිල රත්නායක (30) හැවිරිදි අවිවාහකයෙකි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය පොලොන්නරුව දෙස සිටි ලංකාපුර දෙසට ගමන් කරමින් සිටි අතර යතුරුපැදිය ලංකාපුර දෙස සිට පොලොන්නරුව දෙසට ගමන් කරමින් සිට තිබේ.
අනතුර සිදු කළ ලොරි රථයේ පොලොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd