(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව, එගොඩ උයන ජයගත්පුර ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනාකමින් යුත් මත්කුඩු පැකට් 500ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.
ජයගත්පුර පදිංචි පුද්ගලයකු කැළයක සිට මත්කුඩු පැකට් ජාවාරමේ යෙදෙන බවට පොලිසිය ලද තොරතුරක් අනුව වැටලීම කර තිබිණි.
වැටලීම සිදුවන අවස්ථාවේදී සැකකරු නිවස මගහැර ගොස් තිබූ බවත්, නිවසේ සිටි කාන්තාව සමඟ මත්කුඩු පැකට් අත්අඩංගුවට බවත් පොලිසිය පවසයි.
මත්කුඩු ජාවාරම්කරුට අයත් එම මත්කුඩු පැකට් සැකකාර කාන්තාව විසින් අල්මාරියේ රෙදි අතර සඟවා තිබූ බවද, සැකකාරියට ඔහු ඒ වෙනුවෙන් ගෙවීම් කර ඇතැයි අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd