නිහාල් පී ජයතුංගගේ  රුහිරු පුජා නම්  නවකතාව ත්‍රස්තවාදී  යුද්ධය පසුබිම්  කරගෙන ලියවී  ඇති නවතම හා  අපුර්වතම ප්‍රබන්ධයකි. යුද කටයුතුවලට  සක්‍රීය ලෙස දායක වු  කර්නල්වරයකු  ප්‍රධාන චරිතය වශයෙන්  යොදාගෙන ඔහු  හරහා  ඒ අවදියේ තුළ සිදු  වු  විවිධාකාර සිදුවීම් අතීතාවර්ජනයෙන්  මතුකරමින් නවකතාව ගොඩනංවයි.

යුද හමුදාවෙන්  නිසි කාලයට කලින් විශ්‍රාම ගත්  කර්නල්  සිරිදාස කතාව ආරම්භ වන අවදියේ  සිටිනුයේ  ඕස්ට්‍රේලියාවේය. තමා  යයි සිතාගෙන තම නිවුන් සහෝදරයා  සුදු  වෑන් රියකින් පැහැරගෙන ගිය පසු ඔහු  ජිවිතාරක්ෂාව සඳහා  ඕස්ට්‍රේලියාවට  සංක්‍රමණය වෙයි. එහි  අධ්‍යයන කටයුතු  කරමින්  සිටින සිය දියණිය සමඟ ජිවත්  වෙයි. බිරිඳ ඳ අනෙක්  දරුවන් ද සිටිනුයේ ශ්‍රී  ලංකාවේය.

කර්නල්  සිරිදාස පසුගිය යුද සමයේ දී  තමා  ලබාගත්  ත්‍රාසජනක වුත්, ඛේදනීය වුත්, ඇතැම්විට  සොඳුරු වුත්  අත්දැකීම්  අතීතාවර්ජනයෙන්  හා  වෙනත්  අය සම කරන සාකච්ඡා  හා  සංවාද  හරහා  අපට  ඉදිරිපත්  කරයි. මේ සියල්ල බිහිසුණු  යුද අවධියක සිදු වු  ඝාතන විනාශයන් ,ජයග්‍රහණ හා වෙනත්  නොයෙක්  ඛේදවාචකයන් පිළිඹිඹු  කරයි. රජයෙන් මෙම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ  ක්‍රියාන්විතයන්  යන්න අපට  පෙන්වා  දෙයි. කතාව ඉදිරිපත්  කරන ජිවමාන විලාසය අනුව අතීතයට  ද යුද පිටියට ද අපිව එක් කරගෙන යෑමට  කතුවරයා  සමත් වේ.

එල්.ටි.ටී.ඊ. කාඩර්වරයකු  වන තම සැමියාත් පුතුන්  දෙදෙනාත්  සන්නද්ධ හමුදා  අතින් විනාශයට  පත්  වු පසු ලාංකික දමිල කතිකාචාර්යවරියක්  වන ආචාර්ය දේවකී  ඕස්ට්‍රේලියාවට එන්නේ  ජිවිතාරක්ෂාව පතාය. එල්.ටී.ටී.ඊ. විරෝධී මානව ක්‍රියාකාරිනියක්  වන හෙයින්  ඇගේ  ඥාතීන්  සමුහයා  ද භෞතික සම්පත්  සියල්ල ද විනාශයට  පත්වේ. ඕස්ට්‍රේලියාවට  පැමිණ සිටින ආචාර්ය දේවකී නැමැති කථිකාර්චාර්යවරිය  හා  සිරිදාස අතර  ඇතිවන සබදතා හා සාකච්ඡා  ඇසුරින් යුද්ධය පිළිබඳව කතුවරයාගේ දෘෂ්ටිය කුමක්  වී ද යන්න හෙළී  කෙරෙයි. පසුව ඇය ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ  ඉංග්‍රිසි  විෂය පිළිබඳ මහාචාර්යවරියකි. මහාචාර්ය දේවකි ද , යුද විරෝධී  ත්‍රස්ත විරෝධී  මානව ක්‍රියාකාරිනියකි. ඔවුන්ගේ සංවාද මාර්ගයෙන්  ත්‍රස්තවාදයෙන්  යුද්ධයෙන්  ඇති  මිලේඡතාවය විදහා  දක්වනුයේ  සිනමාරූපි  අයුරිනි. ඔහු  සමඟ මුලදී  දැඩි අමනාපයෙන්  පසුවෙයි. එහෙත්  ඇගේ  ප්‍රථම ප්‍රේමය නිසා  දෝ ඔහුට  වෛර  නොකර  පසුව ඔහු  සමඟමස මිත්‍ර වන ඇය ජාතිවාදී  විරුද්ධ පාර්ශවයන්ගේ්  ආකල්ප විකල්ප හෙළිදරව්  කරයි. එසේ ම සිරිදාස විසිපස්වන වියේ දී සහ දේවකී  නව යොවුන්  පාසල්  සිසුවියක්ව දී ඔවුන්  දෙදෙනා  සම්මාන ලැබීමෙන්  අනතුරුවන එය ඒකපාර්ශවිකව ඔහුට  සෙනෙහස දැක්වීම පිළිබඳවයි.

රටක පුරවැසියන්  ජාති ආගම් කුල ආදී  වශයෙන්  බෙදී  සිටිමෙන්  ඇතිවන ප්‍රතිවිපාක ප්‍රතිනිර්මාණ අයුරින්  පෙන්වා දෙන කතුවරයා ජාතික සංහිදියාවේ වැදගත්කම අපට පසක්  කරවයි. මේ කෘතිය දෘෂ්ටිමය වශයෙන්  ඉහළ තලයකට  ගෙන යන්නේ  කතුවරයාගේ ඒ යථාර්තවාදී  දෘෂ්ටියයි.ඔහු ඒ සඳහා  සොදුරු  උපක්‍රමයක්  ලෙස යොදාගනු ලබන්නේ  ජාතීන්  දෙක නියෝජනය කරන බුද්ධිමතුන් දෙදෙනකි.

රුහිරු  පුජා කියවන මා විස්මයට පත් වන්නේ  මෙහි  ඇතුලත්  තොරතුරු  කතුවරයාට  ලැබුණේ  කේසේ දැයි මෙනෙහි  කරන විටය. විවිධ මුලාශ  හා  පුද්ගලයන්ගෙන් ද වෙනත්  නොයෙක්  ආකාරයෙන්  ද මේ පුවත්  සොයාගෙන ස්වකීය පරිකල්පනයෙන්  මුවහත්  කොට  ඉදිරිපත් කරන අයුරු  පෙනේ.

IMG_211