IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රත්තොට පවුල් 19 ක පුද්ගලයින් 171 නිරෝධායනයට

(මහේෂ් කිර්තිරත්න)

රත්තොට කොට්ඨාසයේ පවුල් 19 කට අයත් පුද්ගලයින් 171ක් දෙනෙකු  මේ වනවිට නිරෝධානයට ලක්කර ඇති බව  රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාඅද (05) පැවසිය.
 
එමෙන්ම   කොට්ඨාසයේ නිරෝධානය වන පවුල් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු මේ වනවිට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු වන අතර ඒ සඳහා රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සඳරුවන් රාජසිංහ සහ සංවර්ධන නිලධාරී සමීර විජේකෝන් යන මහත්වරුන් පත්කර තිබේ.
 
අදාල පවුල් පිළිබඳව තොරතුරු පද්ධතියක් මේ වනවිට රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ රත්තොට පොලිසිය මගින සකස් කර තිබේ.
 
නිරෝධානය වන පවුල් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් ඔවුන්සඳහා පහසුකම් සැලසීමේ මූලික වගකීම සංවර්ධන නිලධාරීන් වෙත පැවරෙන අතර එම පවුල් අතරින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ වියලි ආහාර ලබාදීම ද මේ අනුව සිදුකෙරේ.



අදහස් (0)

රත්තොට පවුල් 19 ක පුද්ගලයින් 171 නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site