රොමේෂ් මධුෂංඛ
යාපනය, නවාලි, අට්ටගිරි ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී අයිස්ක්‍රීම් වෙළඳාම සඳහා යොදාගත් වාහනයක් ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය මානිප්පායි පොලිසිය පවසයි.
මානිප්පායි පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී නිවැසියන් වෙත තර්ජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී අදාළ සැකකරුවන් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ත් 19 ත් අතර පසුවන වර්දරාසා අරවින්දන්, තවකුමාර් කජීපන්,කනගරාජ් තනුජියන් සහ වර්දරාජා නිජිවියන් නැමති පිරිසක් වන අතර සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
පොලිසිය පැවසූවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව පරණ නඩු 4 ක් පවතින හෙයින් ඔවුන් එළැඹෙන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි.
පසුගිය සමය පුරාම යාපනය ප්‍රදේශයේ ආවා කල්ලිය, ධනු රොක් කල්ලිය, වික්ටර් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් විසින් යාපනය ප්‍රදේශයේ නිවාස වෙත පහරදීමේ සිදුවීම් රැසක් සිදුකර තිබු බවද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ මානිප්පායි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාපනයේ කල්ලි දෙකක ප්‍රබලයන් සිව් දෙනකු බන්ධනාගාරයට