(ජයරත්න වික්‍රමාරච්චි)
දඩයම් කරන ලද මීමින්නෙකු මස් කරමින් සිටි පුද්ගලයෙකු මස් කිලෝ එකයි ග්‍රෑම් 600 ක් සමඟ අද(12) සාලියවැව මූණමල්ගස්වැව ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දඩයක්කරුවෙකු බව ද, ඔහු තම නිවසට යාබද කැලෑවකින් මීමින්නාව දඩයම්කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd