IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුවේ කාන්තා සංවිධානය උද්ඝෝෂණයක

(හසිත රංග ගුණතිලක)
 
කඩිනම් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාන්තා සංවිධානය කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක නිරත විය.

 
විරෝධතාකරුවෝ පිරිස අද පස්වරු පමණ බම්බලපිටිය හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගනය අසළ රැස් වී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ පාගමනින් ආර්. ඒ. ද මෙල් මාවතේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දෙසට ගමන් ගත්හ.
 
විරෝධතාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතවරියන් ඇතුළු කාන්තාවෝ  300කට අධික පිරිසක් එක්ව සිටියහ.
 
අපේ ඡන්ද අයිතිය අපට ලබාදෙන්න, ජනතා පරමාධිපත්‍ය බලය සුරකින්න, ඡන්දය කල්දමනු එපා, ජනමතයට ඉඩදෙන්න, ඡන්දය පැවැත්වීම මානව හිමිකම් කඩවීමක්ද, ජනතාවට ඕන ඡන්දයක් ආදී වැකි සහිත පුවරු සහ බැනර් අතැතිව පිරිස පාගමනින් ගමන් ගත්හ.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපිටට පැමිණි පිරිස පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.


කොමිසම වෙත ගිය නියෝජිතයෝ කිහිපදෙනෙක් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් කොමිසමට භාරදීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.
 
ඡායාරූප සහ විඩියෝ- රොමේෂ් ධනුෂ්ක සිල්වා.

 

 


 



අදහස් (0)

මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුවේ කාන්තා සංවිධානය උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site