(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සෞඛ්‍ය බලධාරීන් විසින් මාතර ගාලු පාරේ ධාවනය වන බස් රථ පානදුර දක්වා පමණක් සීමා කිරීමට විරෝධය පල කරමින් මාතර කොලඹ පෞද්ගලික බස් රථ හිමියන් අද (02) උදෑසන සිට සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරත විය.
විශේෂයෙන්ම මේ නිසා ගාලු පාර ඔස්සේ කොළඹ යාමට පැමිණී මගීන් දැඩි දුෂ්කරතාවයකට පත් වූහ.
බස් රථ ධාවනය පානදුර දක්වා සීමා කිරීම තුලින් මගීන්ගේ විශාල අඩුවක් පවතින බවත් පානදුරදී තමන් විවිධ පිරිස් වල තර්ජනයන්ට මුහුණ දෙන බවත් වැඩවර්ජනයේ නිරත බස් රථ සේවකයින් පැවසූහ.
තවද කොලඹ දක්වා යන මගීන් අතරමගදී බස්සා වෙනත් බස් රථ වලට නංවා යැවීම තුලින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතු වන බවට ඔවුන් චෝදනා කලේය.
ඒ අනුව පෞද්ගලික බස් රථ මාතර ප්‍රධාන බස් නැවතුම්පොළේ නතර කර තිබෙන අයුරු දැක ගත හැකි විය.
මේ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක වත්තගේ රෝහණ මහතාගෙන් විමසූ විට කියා සිටියේ සෞඛ්‍ය නිර්දේශ මත තම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලබා දී ඇති උපදෙස් මත පමණක් ක්‍රියා කරන බවයි.
ඒ අනුව බස් රථ ධාවනය කල හැක්කේ පානදුරට දක්වා පමණක් බවද ඊට විරුද්ධව ධාවනය වන බස් රථ වලට එරෙහිව නීරෝධායන නීති රීති කඩ කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

2025 නොවැම්බර් මස 21
183
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මාතර-කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක්
wedage Tuesday, 02 June 2020 06:55 AM
ලංගම බස් වැඩිකරන්න
de silva Tuesday, 02 June 2020 07:19 AM
තොන්ඩමන්ට එක කොරෝන නීතියක් , දකුණට තව කොරෝන නීතියක්, දේශපාලකයන්ට සහ නිලධාරීන්ට තව කොරෝන නීතියක් මාස 2 1/2 තිස්සේ මිනිසුන්න්ට වද දුන්න හොඳටම ඇති, කොරෝන වලින් වෙන්න ඉඩ තියනවට වැඩිය විශාල ජිවිත සහ දේපල විනාශයක් දැන් රටේ වෙලා ඉවරය.