IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘‘මඩ ගැසීම් වලින් - කැළෑ පත්තර වලින් තමන්ව පැත්තකට විසිකරන්න බෑ‘‘

(නිමල කොඩිතුවක්කු)
 
මහමැතිවරණය ජයග්‍රහණය කිරීම  සඳහා  නවීකරණයක් අවශ්‍ය බවත් නව මුහුණුවරකින් නව ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරි මැතිවරණයේදී ලබාගත හැකි ඉහළම  ජයග්‍රහණය ලබා ගැනීමට තමන් කැපවෙන  බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා පැවැසීය.

 
තමන්ට එරෙහිව කැලෑ පත්තර ව්‍යාපාර රට වටේම  ක්‍රියාත්මක වන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා මඩ ගැසීම් වලින්, කැළෑ පත්තර වලින් තමන්ව  පැත්තකට විසිකිරීමට නොහැකි බවත් ජනතා ප්‍රසාදය සහ ජනතා ආශිර්වාදය මැද විපක්ෂයේ සිට රට වෙනුවෙන් අවශ්‍ය කාර්ය ඉටු කරන බවත් සඳහන් කළේය.
 
“සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම” ජන රැළි මාලාවේ  පළමු ජනහමුවට කොලොන්නාවේදී අද (17) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා මෙසේද කීය.


        “ජනාධිපතිවරණය පවත්වලා මාසයක් ඉක්මවා ගොස් තිබෙනවා. එදා ජනාධිපතිවරණය නිමිත්තෙන් රටපුරා මහජන රැස්වීම්  154 ක් මම ආමන්ත්‍රණය කළා.  ඒ  ආමණ්ත්‍රණය කළ බලප්‍රදේශ 154 ම ඉලක්ක කරමින් ජනාධිපතිවරණයෙන් පසු  ස්තූති කිරීමේ රැස්වීම් මාලාවක් අපි පවත්වනවා. එහි පළමු රැස්වීම මේ ආකාරයෙන් ආමණ්ත්‍රණය කිරීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.
 
ජනාධිපතිවරණයේදී  අපි වෙනුවෙන් ඡන්ද පනස්දාස් හාරසීය පනස් හයක් ලබාදුන් කොලොන්නාව  ආසනයේ සියලු දෙනාට මගේ ස්තූතිය පුද කරනවා. කොලොන්නාව මැතිවරණ කොට්ඨාසය ශක්තිමත්ව සංවිධානය කරලා විශාල ඡන්ද ප්‍රමාණයක් අප වෙත ලබාදීමට නායකත්වය ලබාදුන් එස්.එම්. මරික්කාර් මැතිතුමා  ඇතුලු ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටමත් මගේ ස්තූතිය පුදකරනවා.
 
ඒ වගේම මුළු ලංකාවේම  මට ඡන්දය ලබාදුන් ලක්ෂ පනස් හයකට ආසන්න ජනතාවටත් මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුදකරනවා.
 
ජනාධිපතිවරණයේදී අපි පසුබෑමකට ලක්වුණා. මේ ජනාධිපතිවරණයේදී ලද පසුබෑම පිළිබඳ වගකීම සහ වගවීම  යන දෙකම මම භාර ගන්නවා. ජයග්‍රහණයට  අයිතිකරුවන් රැසක් සිටිනවා කියලා ජනප්‍රවාදයේ  ප්‍රචලිත කියමනක් තිබෙනවා. පරාජයක් පසුබෑමක් සිදුවනවිට එය භාරගන්න කිසිවෙක්  ඉදිරිපත් වන්නේ නැහැ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (1)

‘‘මඩ ගැසීම් වලින් - කැළෑ පත්තර වලින් තමන්ව පැත්තකට විසිකරන්න බෑ‘‘

වීරවිජේ Wednesday, 18 December 2019 05:00 AM

රස්සාවක් කරන්නේම නැද්ද? රට කාලා බඩ පුරෝගෙනම ජීවත් වෙන්නද හදන්නෙ.. දැං අවුරුදු 25ක් කෑවානේ. දැංවත් විශ්‍රාම අරං යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30738 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12747 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10922 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 813 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site