IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ අයෙක් රිමාන්ඩ්

SB's MSD men remanded till Monday | Daily News

(නිශාන්ත කුමාර)

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සහ තවත් බාලවයස්කාර දැරියක් ලිංගික අපහරණයට ලක් කිරීම ඇතුළු සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් අද (07)  බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් තරුණයකු මෙම මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත  කර ඇත්තේ කන්දකැටිය කරමැටිය ගම්මානයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.

වයස අවුරුදු 14 ක දැරියකට ලිංගික අතවර කිරිම, පොලිස් අත්අඩංගුවෙන් පැන යෑමට උත්සාහ දැරීම හා යතුරු පැදියක් සොරා ගැනීම යන සිද්ධීන් තුනක්   සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි මෙම තරුණයා අද (07) දින තවත් 14 හැවිරිදි දැරියක් ලිංගික අපහරණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් මත  අත්අඩංගුවට ගෙන මෙලෙස බදුල්ල අධීකරණය වෙත ඉදිරිපත්කර තිබිණි.

 

 



අදහස් (0)

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site