(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙට්ටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්දෙහි කොටසක අද (19) නායයාමේ අවදානමක් පවතින බැවින් ඊට පහළින් ජීවත්වන පවුල් 13ක සාමාජිකයන් යද්දෙහිකන්ද විහාරස්ථානට සහ නිල නිවාසයකට අද තාවකාලිකව ඉවත් කළ බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පවසයි.
බලන්ගොඩ ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙම නායයාමේ අවදානම ඇතිවී තිබෙන බව ඒ මහතා සඳහන් කළේය. මෙලෙස ඉවත් කර ඇත්තේ අපර් බලන්ගොඩ වතුයායේ පදිංචි වතු කම්කරු පවුල් 13 කට අයත් සාමාජිකයන් බව හෙතෙම කීය.
යද්දෙහිකන්ද විහාරස්ථානයේ සහ ඒ අසල ඇති නිල නිවසකට ඉවත්කළ ජනතව සඳහා අවශ්‍ය වියළි ආහාර , ජලය සහ අනිකුත් පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදීමට ද ආපදා සහන සේවා නිලධාරි උපුල් අනුරසිරි මහතාට සහ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා කීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලන්ගොඩ නාය අවදානමක් හේතුවෙන් පවුල් 13ක් ඉවත් කරති